ලොව ප්‍රමුඛතම ස්මාර්ට් දුරකථන සන්නාමයක් වන Huawei විසින්, පාරිභෝගිකයා වෙත විශාල වාසි රැසක් ලබා දෙමින්, ඔවුන්ගේ දිවයින පුරා පිහිටි සේවා මධ්‍යස්ථාන තුළ Huawei Service Carnival දියත් කර ඇත.  මේ වන විටත් Huawei Service Carnival ආරම්භ වී ඇති අතර එය සැප්තැම්බර් 30 වනදා දක්වා ක්‍රියාත්මක වේ. මෙම වැඩසටහන හරහා Huawei ස්මාර්ට් උපාංග පරිශීලනය කරන ඕනෑම පාරිභෝගිකයෙකුට ඔවුන්ගේ ස්මාර්ට් උපාංගයන් වෙත නව පෙනුමක් ලබා දීමට අවස්ථාව හිමිවේ. 

මෙවර Huawei Service Carnival හරහා ස්මාර්ට් උපාංග අමතර කොටස් සඳහා 50%ක් දක්වා වූ සුවිශේෂී වට්ටම් සහ දීමනා, බැට්රි රීප්ලේස්මන්ට් සඳහා පහසු මිල ගණන් සමඟින් වගකීමක්, නොමිලයේ ලබාදෙන ක්ලීන් අප් සේවා ඇතුළුව පාරිභෝගිකයාට තෑගී දිනාගැනීම සඳහා වූ විශේෂ වැඩසටහන්ද ක්‍රියාත්මක වේ.  තවද, මෙවර වැඩසටහන හරහා තෝරාගත් අමතර කොටස් ප්‍රතිස්ථාපනය කිරීමේදී 50% දක්වා වට්ටම් වලට අමතරව සුවිශේෂී  දින 90ක වගකීම් කාලයක් ලබා දීම සඳහා සමාගම කටයුතු කරයි.

මෙම වාසිදායක සේවා පාරිභෝගිකයා වෙතට ලබාදීම සඳහා දිවයින පුරා විසිරුණු සියලුම සේවා මධ්‍යස්ථාන සූදානමින් සිටින අතර, Huawei පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ස්මාර්ට් දුරකථන, ටැබ්ලට්ස් ඇතුළු උපාංග සේවා මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස්, නොමිලයේම ඒවායේ තත්වයන් පරික්ෂා කර ගැනීමටද අවස්ථාව හිමිවේ. තවද, අළුත්වැඩියා කිරීම සඳහා ඔවුන්ගේ Huawei උපාංග රැගෙන යන පාරිභෝගිකයින්ට නොමිලේ පිරිසිදු කිරීමේ හා විෂබීජ නාශක සේවාවක් ද සැපයේ. මෙම පිරිසිදු කිරීමේ හා විෂබීජ නාශක සේවාව සියලුම Huawei ස්මාර්ට්ෆෝන්, ටැබ්ලට්, ලැප්ටොප්, ස්මාර්ට් watch සහ FreeBuds සඳහා නොමිලේ ලබා ගත හැකිය.

මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින Huawei වාර්ෂික දීමනා සමය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ Huawei උපාංග ප්‍රධානී පීටර් ලියු මහතා මෙසේ පැවසීය. “Huawei තාක්ෂණික උපාංග භාවිත කරන්නන් සීග්‍රයෙන් ඉහළ යමින් පවතින අතර, Huawei වෙළඳ නාමය කෙරෙහි විශ්වාසය තැබූ ඔවුන් හට සැමදා කෘතඥතාව දක්වනවා. අප පාරිභෝගිකයින් මහත් උනන්දුවෙන් බලා සිටින සුවිශේෂී වැඩසටහනක් වන Huawei Service Carnival  හරහා  ඔවුන්ට සහන රැසක් හිමි කර දීමට හැකි වීම පිළිබඳ අප සතුටට පත් වනවා. මෙම වැඩසටහන හරහා ඉතා අඩු මිලකට Huawei දුරකතනයන්ට අවශ්‍ය අමතර උපාංග  සුවිශේෂී මිල ගණන් යටතේ වගකීමක් සහිතව මිලදී ගැනීමේ අවස්ථාව සමගින්, වටිනා ත්‍යාග හිමි කර ගැනීමේ අවස්ථාව අප හිමි කර දී තිබෙනවා. මෙවැනිම ආකාරයේ වැඩසටහන් රැසක් ඉදිරියේදී පාරිභෝගිකයා වෙත ළඟා කිරීමට අප සූදානම්. ළඟම ඇති Huawei සේවා මධ්‍යස්ථානය වෙත ගොස් මෙම අඟනා ප්‍රතිලාභ භුක්ති විඳීමට Huawei පාරිභෝගිකයින්ට හැකි වේ යයි අප බලාපොරොත්තු වනවා.”

Huawei ඉහළ මට්ටමේ සේවා විශිෂ්ටත්වයක් පවත්වා ගැනීමට සහ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීම සහතික කිරීමට කැපවී සිටී. එහි ප්‍රතිපලයක් වශයෙන්, Huawei සේවා මධ්‍යස්ථාන නිරන්තරයෙන් අධීක්ෂණයට ලක් කරනු ලබන අතර සියලුම උපාංග අළුත්වැඩියා කිරීම් හොඳින් පුහුණු හා පළපුරුදු Huawei කාර්මිකයින් විසින් සිදු කරනු ලැබේ.

මෙවර Huawei Service Carnival වෙත පිවිසෙන සියලුම Huawei පාරිභෝගිකයින්ට තෑගී දිනාගැනීමේ අවස්ථාව හිමිකර දෙමින් Share-to-Win නමින් සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනක් ද ක්‍රියාත්මක වේ. මෙහිදී සිදුකළ යුත්තේ Huawei Mobile Facebook පිටුවේ ඇති Huawei Service Carnival පොස්ට් එක, වැඩසටහන පිළිබඳ පාරිභෝගිකයාගේ අදහස් ද සමඟින් #HuaweiServiceCarnivalLK යොදා share කිරීමයි. එම පොස්ට් එක සඳහා අවම වශයෙන් likes 100ක් ලැබුණු විට එහි screenshot එකක් සේවා මධ්‍යස්ථානයකට ගොස් ඉදිරිපත් කිරීමෙන් ඊට අදාළ ත්‍යාග දිනාගත හැකිය. මේ සඳහා විවිධ කොන්දේසි අදාල වේ.   

මෙම වැඩසටහන පිළිබඳ වැඩිදුර විස්තර අවශ්‍ය නම් https://consumer.huawei.com/lk/support/huawei-service-carnival-campaign/ වෙත පිවිසෙන්න. නැත්නම් 0112423017 අමතන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *