මෙම වසර කිහිපය මෙම දශකයේදී සෞඛ්‍ය පිළිබඳ ඉතා දැඩි කතාබහක් ඇතිවූ සහ ඉතා උනන්දුවෙන් තම සෞඛ්‍ය රැකගැනීම සදහා බොහෝදෙනා පෙළඹුණු කාලවකවානුවකි. මෙම සෞබ්‍ය අවශ්‍යතා සපුරනු වස්  සාර්ථක සෞඛ්‍යමත් දිවිපෙවතක් ගතකිරීම සදහා උපකාරී වන උපාංග රැසක් මේ වනවිටත් huawei විසින් හදුන්වාදී තිබෙන අතර ඒවා අතරින් Huawei Band 6 කැපී පෙනෙන ස්මාර්ට් උපාංගයක් සේ සැලකිය හැකිය. තවද මෙම ස්මාර්ට් උපාංගයන්හි ඇති තවත් එක් විශේෂත්වයක් වන්නේ මේවා Huawei ස්මාර්ට් ෆෝන් එකක් හා සම්බන්ධ කර Huawei Health App එක හරහා විශේෂ සෞඛ්‍ය මිනුම් ලබාගත හැකිවීමයි. Huawei smart උපාංග අතර අඩුමිලට විශේෂාංග රැසක් ලබාදෙන ස්මාර්ට් ෆෝන් එකක් ලෙස   Huawei Y7A හැදින්විය හැකි අතර එය  Huawei Band 6 හා සම්බන්ධ කිරීමෙන් ඉතා කාර්යක්ෂම සෞඛ්‍ය මිනුම් ලබාගත හැකිය.

Huawei Y7a හි විශේෂාංගයන් ඉතා ඉහල මට්ටමේ පැවතියද මිල ඉතා අඩු මට්ටමක පැවතීම ප්‍රසංසනිය කරුණක් වන අතර එහි 48 MP Quad AI කැමරාව, 5000mAh විශාල බැටරිය , 4GB RAM + 128GB මෙමරිය සහ මනා නිමාව මෙම දුරකතනයට විශේෂ තැනක් හිමි කරදෙයි.

අඟල් 6.67 පූර්ණ HD විශාල තිරයක් සහ 90.3% screen -body ratio සහිත Huawei Y7a හි අවධානය වෙනතකට යොමු නොකර  අත්දැකීමක් ලබා දෙයි. වක්‍රාකාර දාර උපාංගය කෙනෙකුගේ අතේ ඇති විට එය පහසුවෙන් හැසිරවීමට උපකාරී වන අතර අඛණ්ඩව ක්‍රීඩා කිරීමට හා සැරිසැරීමට උපකාරී වේ. Crush green, Blush gold සහ Midnight black යන ගතික වර්ණ තුනකින් වෙළඳ පොළට පැමිණෙන Y7a හි ආකර්ශනීය නිමාවට ඕනෑම කෙනෙකු ආදරය කරයි.

Huawei Y7a  හි කැමරාවද ඉතා විශේෂ වේ . මෙම මිල මට්ටමේ අනෙකුත් දුරකතනයන් හා සසදන කල 48MP  Quad  AI කැමරාව මෙම දුරකතනයට විශේෂ ආකර්ශණයක් ලගා කරවයි . මෙම දුරකතනයේ පසුපස කැමරා සැකසුම  කැමරා සතරකින් සමන්විත අතර 48MP (f/1.8 aperture) , 8MP (Ultra-Wide Angle Lens, f/2.4 aperture),  2MP (Depth Lens, f/2.4 aperture) සහ  2MP Macro Lens, f/2.4 aperture) ඒවා වේ.  අඩු / රාත්‍රී ආලෝකකරණ තත්වයන් තුළ වුවද පැහැදිලි ඡායා රූපයන්  ‘සුපර් නයිට්’ කැමරා මාදිලිය මගින් පහසුවෙන් ලබා ගත හැක. Punch hole ආකාරයන් ඇති සෙල්ෆි කැමරාව 8MP (f / 2.0 විවරය)  දිවා හා අඩු / අඳුරු ආලෝක තත්ත්වයන් දෙකෙහිම එක හා සමානව සුන්දර පැහැදිලි ඡායා රූප ලබා දෙයි.

Huawei Y7a ස්මාර්ට් දුරකථනය  Kirin 710A ප්‍රොසෙසරයකින් සමන්විත අතර එය බොහෝ Y ශ්‍රේණියේ දුරකථන වල හොඳින් ක්‍රියා කරනා ප්‍රොසෙසරයක් වේ . 4GB RAM එකකින් ක්‍රියාත්මක වන Huawei Y7a 128 GB Storage යුක්තව පාරිශීලකයින් අතට පත්වේ. බහු කාර්යයන් සහ එදිනෙදා ක්‍රියාකාරකම් වලදී වෙනත් බොහෝ mid range උපාංග අභිබවා යමින් කාර්යක්ෂමව  කිසිදු බාධාවකින් තොරව භාවිතා කිරිමේ හැකියාව මෙම ස්මාර්ට් දුරකතනයේ ඇති තවත් එක විශේෂත්වයකි.

Huawei Y7a ස්මාර්ට් දුරකථනය Huawei FreeBuds Pro සමඟ ඉතා පහසුවෙන් ටැප් කිරීමක් මගින් සම්බන්ධ කල හැකි අතර තම දුරකතනයට එන ඇමතුම් ලබාගැනීමත් , දුරකතනයේ ඇති ප්‍රියතම සංගීතයන්ට සවන්දීමත් යනාදී පහසුකම් අත්විදීමේ හැකියාව පරිශීලකයාට හිමිවී ඇත. තවද FreeBuds Pro වල ඇති ශ්‍රවන මාදිලින් (Modes) ක්‍රියාත්මක කිරීමෙන් තමන් සිටින පරිසරයට සාපේක්ෂව වඩා සුදුසු ශ්‍රවන අත්දැකීමක් ලබාගැනීමේ හැකියාව පරිශීලකයාට හිමිවේ.

Huawei Band 6 යනු විශාල තිරයක් සහිතව වෙළදපොළට පැමිණි පළමු fitness band එක වන අතර අඟල් 1.47 ක AMOLED Full Display එකක් සහ  64% ක screen-to-body අනුපාතයක් මෙහි පවතී. එපමණක් නොව, HUAWEI Band 6 හි සති දෙකක බැටරි ආයු කාලයකින් යුතු වීම වඩා විශේෂ තවත් එක් වාසියකි.

නිවැරදි සෞඛ්‍ය මිනුම් සහ පැළදීමේ සුවපහසුව fitness band සදහා  ඉතා වැදගත් වේ. මෙය මනාව පිළිබිඹු වන සේ සකසා ඇති  HUAWEI Band 6 විවිධ සංවේදක තාක්ෂණයන් සඳහා අතිශයින්ම ඉහළ අවශ්‍යතා සපුරාල අතර බරින් ග්‍රෑම් 18 ක් පමණක් වන අතර එය දවස පුරා පහසුවෙන් පැළදිය හැකි ලෙස සහ නිවැරදි සෞඛ්‍ය මිනුම් සහිතව නිපදවා ඇත . HUAWEI Band 6 යනු දවස පුරා SpO2 අධීක්ෂණයට  (All-Day SpO2 monitoring) සහය දක්වන පළමු Huawei  fitness band එක වේ.

HUAWEI Band 6 තවත් එක් fitness band එකක් පමණක් නොවන අතර  හෘද ස්පන්දන වේගය, නින්දේ ගුණාත්මක බව , ආතතිය සහ ඔසප් චක්‍රය නිරීක්ෂණය කිරීම වැනි පූර්ණ පරාසයක සෞඛ්‍ය නිරීක්ෂණ අංගයන් පරිශීලකයින්ට සපයයි. මෙපමණක් නොව HUAWEI Band 6 මඟින් පරිශීලකයින්ට  ව්‍යායාම කිරීමට පහසු  වන ලෙස වෘත්තීය මට්ටමේ උපදේශකයකු ලෙස කටයුතු කරමින් ව්‍යායාම ක්‍රම 96 ක් සදහා දත්ත උපයෝගී කරගනිමින් ප්‍රශස්ථ අධ්‍යන වාර්තාවක් ලබාදේ.

අඟල් 1.47 AMOLED FullView Display සහිත HUAWEI Band 6 , 194 * 368 resolution එකකින් සහ 282PPI අගයකින් යුක්ත වේ. වර්ණවත් තිර සංදර්ශකය මඟින් පරිශීලකයින්ට වැඩි තොරතුරු සහ පැහැදිලි බවක් ලබා දෙන අතර ව්‍යායාම සහ සෞඛ්‍ය දත්ත වඩාත් විස්තරාත්මකව දැකගැනීමේ හැකියාව පරිශීලකයාට හිමිවේ. ස්මාර්ට් ෆෝන් ස්පර්ශ තිරයක් භාවිතා කරනවා සේම පරිශීලකයින්ට පහසුවෙන් ඉහළට සහ පහළට, වමට සහ දකුණට ස්වයිප් කළ හැකිය screen එකකින් HUAWEI Band 6 සමන්විත වේ.Graphite Black, Amber Sunrise, Sakura Pink සහ  Forest Green යන වර්ණ හතරකින්  HUAWEI Band 6 ලබාගත හැකි අතර පරිශීලකයාගේ සිතැගි පරිදි කැමති වර්ණයක් තෝරාගැනීමේ හැකියාව ඔවුනට හිමිවේ .

Fiberglass මගින් ශක්තිමත් කරන ලද පොලිමර් ඔරලෝසු මුහුණත, එහි සියුම් ලෝහමය පෙනුමක් ගෙනෙන  metal texture ආලේපනය, මෘදු හා සමට හිතකර silicone රබර් ඔරලෝසු පටිය නිසා මෙය පැළදි සිටීමට ඉතා පහසු ආකර්ශනීය ස්මාර්ට් බෑන්ඩ් එකක් වන අතර UV light-induced polymerisation තාක්‍ෂණය භාවිතා කරමින් rubber strap එක නිපදවා ඇති නිසා  මෙය භාවිතයට ඉතා හිතකර  ස්මාර්ට් බෑන්ඩ් බව තවදුරටත් තහවුරු වේ.

විශාල display එකක් සහිත HUAWEI Band 6 දිගු බැටරි ආයු කාලයකින් සමන්විත වීම තවත් එක් විශේෂත්වයකි . ඉහළ කාර්යක්ෂමතාවයකින් යුත් chipset එකකින්  සහ smart power-saving ඇල්ගොරිතමයකින්  HUAWEI Band 6 අඛණ්ඩව එක් charge කිරීමකින්  දින 14 ක භාවිතාකල බැටරි ආයු කාලයකින් සමන්විත වේ .  HUAWEI Band 6 අඛණ්ඩව හෘද ස්පන්දන වේගය සහ නින්ද නිරීක්ෂණය කරමින් පළදින්නගේ සෞඛ්‍ය දත්ත නිරවද්‍යව ලබාදේ.  මෙයට අමතරව  HUAWEI Band 6 , magnetic charger හරහා  fast charging කිරීමේ හැකියාව හිමිවන අතර  මිනිත්තු පහක ආරෝපණයක් මඟින් HUAWEI Band 6 ස්මාර්ට් බෑන්ඩ් එක දින දෙකක සාමාන්‍ය භාවිතය සඳහා පවත්වා ගත හැකිය. බර ග්‍රෑම් 18 ක් වන HUAWEI Band 6  විශේෂ විශේෂාංග රැසකින් සමන්විත වන අතර එහි විචිත්‍රවත් FullView Display එකක්  සහ සති 2 ක බැටරි ආයුකාලය මෙම ස්මාර්ට් බෑන්ඩ් එකේ විශේෂත්වය තවදුරටත් වැඩිකරයි.

සෞඛ්‍ය අධීක්ෂණ (Health monitoring) විශේෂාංග යනු ස්මාර්ට් බෑන්ඩ් භාවිතා කරන්නන්අතර වඩාත් ජනප්‍රිය අංශයකි. Huawei TruSeenTM 4.0 සහ නව ස්මාර්ට් power-saving ඇල්ගොරිතම මත පදනම්ව ගොඩනගා ඇති  hardware පද්ධතිය නිසා  HUAWEI Band 6 දැන් දවස පුරා (SpO2) රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය අධීක්ෂණයට සහය දක්වයි. එය පරිශීලකයින්ගේ සෞඛ්‍යයට මනා පිටුවහලක් වන අතර රුධිරයේ ඔක්සිජන් මට්ටම අඩු වූ විට අනතුරු ඇඟවීමේ සංඥාවක් ද නිකුත්කරයි. මෙම නිසා ඉක්මන් ක්‍රියාත්මක වී  සෞඛ්‍යය අවධානමෙන් ගැළවීමට පරිශීලකයාට හැකියාව හිමිවේ .

HUAWEI Band 6 හි fitness විශේෂාංගයන් පරිශීලකයින්ට නවමු අත්දැකීමක් ගෙන එයි. ගෘහස්ථ හා එළිමහන් ධාවන, පාපැදි, සහ rope skipping වැනි වෘත්තීය ව්‍යායාම ක්‍රම 11 ක් සහ  fitness, ball games සහ නැටුම් වර්ග ඇතුළුව සිතැගි පරිදි වෙනස් කරගත හැකි modes 85 ක්ද , මීට අමතරව ව්‍යායාම කටයුතු අධීක්ෂණය කිරීමේ හැකියාවද මෙම ස්මාර්ට් බෑන්ඩ් එක සතුව ඇත

Huawei Y7A    හා HUAWEI Band 6 , සියලුම Huawei Experience Centers, දිවයින පුරා පිහිටි සිංගර් ප්‍රදර්ශනාගාර, Daraz.lk හා Singer.lk වෙතින්ද  මිලදී ගත හැකි වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *