Huawei Y ශ්‍රේණියේ ස්මාර්ට් දුරකථනයන් අතර ඉහළ ඉල්ලුමක් ඇති ස්මාර්ට් දුරකථනයක් ලෙස Huawei Y6P හැදින්විය හැකිය. Huawei Y6P හි ඇති සුවිශේෂී විශේෂාංග පරිශීලකයින්ගේ ප්‍රසාදයට පත්වන අතර මෙම විශේෂාංග වලට අමතරව  තවත් එක් විශේෂ වාසියක් ලෙස 5GB Huawei Mobile Cloud Storage එකක් ලබා දීමට huawei සමගම කටයුතු කර ඇත.

මෙම Huawei Mobile Cloud Storage එක ලබාගැනීම සදහා Huawei ID එක register කරගැනීම අනිවාර්ය වේ. Huawei නවතම දුරකථනයක් ගත්විට  setup කරන පළමු අවස්ථාවේදීම Huawei ID එක register කිරීමේ suggestion එක දුරකථනය මගින්ම ලැබෙන අතර එලෙස Huawei ID එක register කරගැනීම සිදුකිරීම මගහැරුණු විට Huawei ස්මාර්ට් දුරකථනයේ settings වලට ගොස් Huawei ID එක register කරගැනීමේ හැකියාව හිමිවේ. Huawei ID එක  register කරගත් පසු නොමිළේ Huawei Mobile Cloud Storage හි 5GB ධාරිතාවක් හිමිවන අතර පින්තූර ,  video සහ වැදගත් documents මෙම Huawei Mobile Cloud Storage හි සුරක්ෂිතව, කාර්යක්ෂමව හා පහසුවෙන් තැන්පත්කර තබාගැනීමේ හැකියාව පරිශීලකයාට හිමිවේ . 

Huawei Mobile Cloud Storage හි , 5GB ධාරිතාව upgrade කරගැනීමේ හැකියාව පරිශීලකයාට හිමිවන අතර 50 GB, 200 GB, සහ 2048 GB යන ඕනෑම ධාරිතාවක් සදහා upgrade කරගත හැක. මෙහිදී මාසික සහ වාර්ෂික ගෙවීම් ක්‍රම වේදයන් යටතේ මෙලෙස Huawei Mobile Cloud Storage upgrade කරගත හැකි අතර වාර්ෂික ගෙවීම් ක්‍රමය යටතේ upgrade කරන්නන් හට විශේෂ තෑගි ලබාගැනීමේ හැකියාවද හිමිවේ . මෙම දිනුම් ඇදීම සීමිත කාලයක් සදහා වලංගු වන අතර Huawei Nova 7SE දුරකථනයක් , Huawei Watch Fit උපාංග පහක් සහ Huawei Band 6 හතරක් යන වටිනා ත්‍යාගයන් ජයග්රහකයින්ට හිමිවේ.

4GB RAM + 64GB storage සහිතව නිපදවා ඇති Huawei Y6P තුළින් පරිශීලකයින්ට ඇති තරම් දත්ත ප්‍රමාණයක් කිසිඳු අවහිරතාවයකින් තොරව ගබඩා කර ගැනීමේ හැකියාව හිමි වීම සුවිශේෂී වේ. තවද මෙම මාදිලියේ දුරකථනවල ඇති තවත් එක් සුවිශේෂී විශේෂාංගයක් වනුයේ එහි 5000mAh දිගු කාලීන බැටරි ධාරිතාවයයි.

වැඩි වේලාවක් ස්මාර්ට් දුරකථනය හා ක්‍රියා කරන පරිශීලකයින්ට වඩා සුදුසු වන ලෙස  5000mAh බැටරියක් Huawei Y6P හි අන්තර්ගත කර ඇති අතර මෙම විශාල බැට්රිය නිසා නිතර නිතර charge කිරීමේ අවශ්‍යතාව පරිශීලකයින්ට ඇති නොවේ. ඕනෑ තරම් වේලාවක් Games, internet browsing, social media browsing,  videos නැරඹීම  සහ සංගීතයට සවන්දීම ඇතුළු කාර්යන් රැසක්  Huawei Y6P හරහා  දැන්  බාධාවක් නොමැතිව සිදු කර  හැකිය.  වෘත්තීය ජීවිතයේ කාර්යන් සඳහා වූවද Huawei Y6P වඩාත් සුදුසුම ස්මාර්ට් දුරකථනය වනුයේ කාර්ය බහුලත්වයත් සමග නිතරම දුරකථනය charge කිරීමට සිදු නොවීම නිසාය. 

4GB RAM + 64GB ඉහළ මතක ධාරිතාවයක් සහිත Huawei Y6p හි තවත් එක් ප්‍රධාන විශේෂත්වයක් වනුයේ එහි ත්‍රිත්ව කැමරා පද්ධතියයි. 13mp ප්‍රධාන කැමරාවකින්, 5mp wide-angle කැමරාවකින් සහ 2mp depth කැමරාවකින් සමන්විත Huawei Y6p ජංගම දුරකථන ඡායාරූපකරණය කෙරෙහි උනන්දුවක් දක්වන්නන් සඳහාම නිපදවා ඇති බව කිව හැකිය.

Huawei විසින් හදුන්වාදෙන බොහෝ උපාංග එකිනෙක සම්බන්ධ කර වඩා වැඩි කාර්යක්ෂමතාවක් සහ අසමසම ස්මාර්ට් ජිවන රටාවක් අත්විදිය හැකිබව මේ වනවිටත් නොරහසකි. මේ වනවිටත් බොහෝදෙනා එකිනෙක සම්බන්ධ කළ හැකි Huawei උපාංග මොනවාදැයි උනන්දුවේ . Huawei Y6p සමග සම්බන්ධ කල හැකි තවත් එක් ස්මාර්ට් උපංගයක් ලෙස නවතම Huawei Band 4e (Active) හැදින්විය හැකිය. Huawei Band 4e (Active) , සෞඛ්‍ය පිළිබඳ උනන්දු වන බොහෝ දෙනා ප්‍රිය කරන ස්මාර්ට් බෑන්ඩ් එකක් වන අතර සුවිශේෂී විශේෂාංග රැසකින් සමන්විත වේ.

බර ග්‍රෑම් 6 ක් (පටි නොමැතිව) පමණ වන අතිශය සැහැල්ලු ස්මාර්ට් බෑන්ඩ් එකක් ලෙස Huawei Band 4e (Active) සැලකිය හැකි අතර අඟල් 0.5 ක PMOLED තිරයක් සමඟ එන මෙය slide සහ  touch කිරීම මගින් මෙහෙය වීමේ හැකියාව පරිශීලකයාට හිමිවේ .  Huawei Band 4e (Active) රතු(Mineral red) සහ මිනිරන් කළු(Graphite black) යනාදී වර්ණ දෙකකින් යුක්ත අතර  එහි උස: මි.මී. 40.5, පළල: මි.මී. 14.8, ගැඹුර: මි.මී.11.2 පමණ වේ .

Huawei Band 4e (Active) හි වඩාත් ආකර්ශනීය අංග අතර, එහි නව්‍ය ද්විත්ව පැළදීමේ මාදිලීන්, වෘත්තීය ධාවන මග පෙන්වීම, පාපැදි ධාවනය  අධීක්ෂණය (Cycling cadence monitoring), Basketball performance tracking, 5ATM water resistance  සහ සති 2 ක බැටරි ආයු කාලය ප්‍රධාන විශේෂාංගයන් කැපී පෙනේ.

ක්‍රියාකාරකම්  අධීක්ෂණය සහ ව්‍යායාම්  කටයුතු කිරීමේදී Huawei Band 4e (Active) මැණික් කටුවෙහි පැළඳිය හැකි අතර පැසිපන්දු ක්‍රීඩාවේ නිරතවීමේදී ධාවන කාර්යසාධන අවස්ථවන්හිදී සහ දිවීමේ කටයුතු කිරීමේදී  පහසුවෙන් සපත්තුවට ඇමිණිය හැකිය. පැසිපන්දු ක්‍රීඩාවේ  නිරතවීමේදී එම ක්‍රීඩාවේ විශිෂ්ටයකු  වීමට අවශ්‍ය දක්ෂතාවයන් මැනීමේ සහ චලන ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීමේ විශේෂ හැකියාවක් Huawei Band 4e (Active) සතුව ඇත. අතීත දත්ත වාර්තා මත පදනම්ව වඩා දියුණු ධාවන මාර්ගෝපදේශයක් Huawei Band 4e (Active) ලබාදේ . මෙහි දත්ත ගබඩා කර විශ්ලේෂණය කරගැනීමේ හැකියාව මෙයට මනා පිටුවහලක් වේ.

පාපැදි පැදීමට උනන්දුවක් දක්වන අය සඳහා, Huawei Band 4e (Active) හි අද්විතීය පාපැදි කේඩන්ස් (cycle cadence monitoring)අධීක්ෂණ ක්‍රමවේදය  උපකාර වන අතර වෘත්තීය ධාවකයෙකු වීමට සිහින දකින බොහෝ දෙනෙකුට මෙම ස්මාර්ට් උපාංගය විශේෂ සහයෝගයක් දක්වන බව නොඅනුමානය.

Huawei Band 4e (Active) හි පැසිපන්දු මාදිලිය මගින් සිරස් පැනීමේ දත්ත, උස සහ hang time එක , වේගය, දුර ඇතුළු චලන සංඛ්යාලේඛන සවිස්රාත්මකව පරිශීලකයට ලබාදේ. මෙලෙස බොහෝ ක්රීඩා සදහාද , ක්රියාකාරිත්වයන් අධීක්ෂණය සදහාද මෙම Huawei Band 4e (Active) මහගු රුකුලක් ලබා දේ.

මෙම ප්රයෝජනවත් tracking විශේෂන්ගයන්ට අමතරව, Huawei Band 4e (Active) යනු පරිපූර්ණ ස්මාර්ට් බෑන්ඩ් එකක් වන අතර එය නින්ද අධීක්ෂණය, පියවර, දුර, කැලරි අධීක්ෂණය වැනි ස්මාර්ට් අංග සහිතව නිරෝගීව හා ක්රියාශීලීව සිටීමට පරිශීලකයාට හැකියාව ලබා දෙයි. පැමිණෙන ඇමතුම් / පණිවිඩ දැනුම්දීම්, ක්රියාකාරකම් මතක් කිරීම්,එලාම් සහ තවත් බොහෝ විශේෂාංග වලින් යුක්ත වේ.

5ATM water resistance හැකියාව නිසා , පරිශීලකයාට දහඩිය දමමින් ව්‍යායාම කිරීමේදීත් , පිහිනීම අතරතුරත් , ඕනෑම වැසි සහිත අවස්ථාවකත්  Huawei Band 4e (Active) පැළද සිටීමේ හැකියාව පරිශීලකයාට හිමිවේ .  මෙම විශේෂාංගය නිසා වැසි සහිත කාලගුණික තත්ත්වයන් යටතේ වුවද ක්‍රීඩා කිරීමට සහ ව්‍යායාම වලට සහභාගී වීමට පරිශීලකයාට හැකියාව ලැබේ. බැටරි ධාරිතාව යනු ඕනෑම ස්මාර්ට් බෑන්ඩ් එකක වැදගත් අංගයකි . Huawei Band 4e (Active) සාමාන්ය භාවතා කිරීම් යටතේ සතිදෙකක බැටරි ආයු කාලයක් ලබාදේ. මෙම විශේෂත්වයන් රැසක් සහිත Huawei Band 4e (Active) ඉහළ ඉල්ලුමක් දිනාගනු ඇති බව බොහෝ දෙනාගේ අදහසයි.

Huawei Y6P රු. 32,499/- මිළකට හා Huawei Band 4e (Active) රු. 5,499/- මිළකට, සියලුම Huawei Experience Centers , දිවයින පුරා පිහිටි සිංගර් ප්‍රදර්ශනාගාර , Daraz.lk හා Singer.lk වෙතින්ද  මිලදී ගත හැකි වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *