තාක්ෂණික ලොව ගෝලීය පෙරළිකාර සන්නාමය වන Huawei විසින් ස්මාර්ට් දුරකතනයන්ට අමතරව වෙනත් ස්මාර්ට් උපාංග රැසක් මේ වන විටත් හදුන්වා දී අවසන් . මේ අතර Huawei Watch GT2 Pro, Huawei Watch GT2,Huawei Band 4 හා Huawei Band 4E සඳහා හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. 

Huawei Watch GT2 Pro යනු ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei විසින් හඳුන්වා දුන් නවතම ස්මාර්ට් වොච් එක වේ.  සෞඛ්‍යය, ක්‍රීඩා, විනෝදාස්වාදය සහ එදිනෙදා ක්‍රියාකාරකම් වැනි ජීවිතයේ සෑම අංශයක්ම වැඩිදියුණු කරන විශේෂාංග රැසකින් යුත් නවීන තාක්‍ෂණයෙන් මෙම ඔරලෝසුව සමන්විත වේ.  

Huawei Watch GT2 Pro අඟල් 1.39 ක AMOLED ස්පර්ශක තිරයක් සහිත අතර එහි  බල බොත්තමක් (power button) සහ ක්‍රියාකාරී බොත්තමක් (Function button) ඇත. එහි ප්‍රධාන රාමුව ටයිටේනියම් වන අතර එහි මුහුණත sapphire crystal වලින් සාදා ඇති අතර, එම  නිසා ඉතා සුන්දර නිමාවක් මෙයට ලැබී ඇත. මෙම ස්මාර්ට් වොච් එක ඉතා සැහැල්ලු වන අතර එහි බර  ග්‍රෑම් 52 (පටි  රහිතව) වේ. Huawei Watch GT2 Pro පැළදීම ඉතා පහසු වන අතර ජලයට ඔරොත්තු දීමේ හැකියාවද පවතී.

Huawei Watch GT2 Pro විසින්  fitness technology හි  විප්ලවීය වෙනසක් සිදු කරයි. AI ඇල්ගොරිතම සමඟ බල ගැන්වෙන මෙම ස්මාර්ට් ඔරලෝසුව රුධිර ඔක්සිජන් සන්තෘප්තිය (SpO2) හෝ හෘද ස්පන්දන වේගය පැය 24 ක් නිවැරදිව මනින අතර බලශක්ති පරිභෝජනය ඵලදායී ලෙස අඩු කරයි. Huawei TruSleep තාක්‍ෂණය සමඟින් GT2 ස්මාර්ට් ඔරලෝසුවට හොඳ නින්දක් සඳහා යෝජනා සපයන අතරම පොදු නින්දේ ගැටළු විද්‍යාත්මකව සොයා ගැනීමට සහ හඳුනා ගැනීමට අවස්ථාව සපයයි. 

ස්මාර්ට් ඔරලෝසුව Huawei Share පහසුකමද ලබාදෙන අතර එමඟින් පරිශීලකයන්ට සංගීතය සහ ඡායාරූප වැනි දත්ත මාරු කිරීමටද  ඉඩ සලසයි, එවිට ඔරලෝසු මුහුණ ප්‍රියතම ඡායාරූප සමඟ රිසිකරණය කර සංගීතයට සවන් දීමටද ඔවුන්ට හැකි වේ. දුරස්ථ පාලකයක් ලෙසද මෙම ස්මාර්ට් වොච් එක ක්‍රියාකරන අතර දුරකථනය මගින් චායාරුප ගැනීමද මෙමගින් පාලනය කල හැක .Wireless charge කිරීමේ  පහසුකම පවතින මෙම උපාංගය සහ reverse charging පහසුකමද සලසයි. මිනිත්තු පහක රැහැන් රහිත ඉක්මන් Wireless charge කිරීම මගින් පැය 10 ක් භාවිතා කළ හැකි අතර සම්පූර්ණයෙන්ම charge කළ විට එය දින 14 ක් පමණ පවතී

Huawei Watch GT2 එහි ඇති සුවිශේෂී විශේෂාංග රැසක් නිසා දැඩි පාරිභෝගික ආකර්ෂණයකට ලක්ව තිබෙනවා.  මිලිමීටර් 46 ක ප්‍රමාණයේ ඔරලෝසුව අඟල් 1.39 ක AMOLED තිරයකින්  සහ පික්සල් 454 x 454 ක resolution සහ nits 1000 ක දීප්තියකින් ද යුක්ත වේ.  Watch GT2,  Kirin A1 පරිපථයක් මඟින් බල ගන්වා ඇති අතර වැඩි වෙලාවක්  භාවිත කල හැකි ආකාරයේ intelligent power-saving තාක්ෂණයෙන් ද යුක්තය. 2GB RAM සහ 4GB මතක ධාරිතාවයක් හිමි Watch GT2 හි ගීත 500කට වැඩි ප්‍රමාණයක් රඳවා තබා ගැනීමේ හැකියාව තිබෙනවා. Watch GT2 හි අසම සම විශේෂාංග අතරින්  බ්ලූටූත් ඇමතුම් පහසුකම සුවිශේෂී වනුයේ පරිශීලකයා ක්‍රීඩා හෝ වෙනත් ඕනෑම කටයුත්තක නිරතව සිටින අවස්ථාවකදී ඇමතුම් ඉතා පහසුවෙන් ලබා ගැනීමේ සහ ලැබෙන ඇමතුම් වලට ඉතා පැහැදිළිව පිළිතුරු සැපයීමේ හැකියාව හේතුවෙනි.  ත්‍රිමාණ වක්‍ර (3D curved), bezel-less මුහුණත උපාංගයේ ආකර්ෂණීය පෙනුම වැඩි කර ඇති අතර Watch GT2හි TrusenTM 3.5 හරහා ඉතා ඉහල නිරවද්‍යතාවයකින් යුතුව හෘද ස්පන්දන වේගය නිරීක්ෂණය කර ගැනීමේ අවස්ථාව පරිශීලකයාට හිමි වනවා. 

Huawei Band 4 අලංකාර නිමාවකින් සහ සිත් ඇඳ ගන්නා සුළු වර්ණයන්ගෙන් වෙළද පොළ තුල දක්නට ලැබෙන අතර එය සෞඛ්‍ය  සම්පන්න ජිවිතයක් ගත කිරීමේ අරමුණින් යුතුව ක්‍රියා කරන සියලු දෙනා වෙනුවෙන්ම නිපදවා ඇති බව කිව හැකිය. Sports සහ Workout Models 9ක් සමඟින් එන Band 4හි 2.5D ස්පර්ශක තිරය ඉතා සුමට අත්දැකීමක් පරිශීලකයාට හිමි කර දෙන අතර එහි USB Charging පද්ධතිය හේතුවෙන් ඕනෑම කෙනෙකුට ඉතා පහසුවෙන් මෙම උපාංගය චාර්ජ් කර ගැනීමේ හැකියාව හිමි වනවා. තවද Huawei Band 4 එක් වරක් චාර්ජ් කර ගැනීම තුලින් දින 6කට වැඩි කාලසීමාවක් පරිශීලනය කිරීමේ අවස්ථාව පාරිභෝගිකයාට හිමි වන අතර මෙම උපාංගය මීටර් 50 ක් දක්වා ජල ප්‍රතිරෝධයක් සහිතව නිපදවා තිබීම විශේෂයි. 

Huawei Band 4e සුවිශේෂී light weight SMART බෑන්ඩ් මාදිලියක් වන අතර Basketball ක්‍රීඩා කරන්නන් සඳහාම විශේෂ වූ Workout Module සහ ක්‍රීඩා කාර්ය සාධනයන් නිවැරදිව විශ්ලේෂණය කර ගැනීමේ හැකියාවෙන් යුක්ත වේ. Wrist wearing mode සහ Sneaker wearing mode යන පැළඳීමේ ක්‍රම ද්විත්වයක් සමඟින් පැමිණේන Huawei Band 4e හි දිගු කාලීන බැටරි ධාරිතාවය සහ Professional Running Guidance විශේෂාංග සුවිශේෂී වේ. මෙම මාදිලිය සඳහාම අවේණික වූ වර්ණ රැසකින්  වෙළද පොළට පැමිණෙන Huawei Band 4e ද මීටර් 50 ක් දක්වා ජල ප්‍රතිරෝධයක් සහිතව නිපදවා තිබෙනවා. 

මෙම සියලු ස්මාර්ට් තාක්ෂණික උපාංගයන් පරිශීලකයාට විනෝදය සමගින් සෞඛ්‍ය සම්පන්නව සිටීමට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දෙන අතර ඒවායේ දිගු කාලීන බැටරි ධාරිතාවයන් හේතුවෙන් කිසිදු ගැටලුවකින් තොරව ඕනෑම තැනක දිගු කාලසීමාවක් භාවිත කිරීමේ හැකියාව හිමි කර දේ. විශිෂ්ඨ නිමාව සහ සුවිශේෂී විශේෂාංග රැසකින් පැමිණෙන මෙම උපාංගයන් සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ප්‍රිය කරන ඔබ වෙනුවෙන්ම නිෂ්පාදනය කර තිබෙන බව පිළිඹිබු වේ.

Huawei Watch GT2 Pro රු. 57,999.00 මිළකට ,Huawei Watch GT2(Mens) රු. 43,999.00 මිළකට, Huawei Watch GT2(Ladies) රු. 40,699.00 මිළකට ,Huawei Band 4 රු. 7,499.00 මිළකට සහ Huawei Band 4E රු. 5,099.00 මිළකට සියලුම Huawei Experience Centers, දිවයින පුරා සිංගර් ප්‍රදර්ශනාගාර වලින්, Daraz.lk හා Singer.lk වෙතින්ද මිලදී ගත හැකි වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *