ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei හි අරමුණ වනුයේ පරිශීලකයින්ට විවිධ ස්මාර්ට් උපාංග හරහා නවමු තාක්ෂණික අත්දැකීමක් ලබා දීමයි. මෙම නව ස්මාර්ට් උපාංග මගින් , මිනිසුන්ට වඩා කාර්යක්ෂම ලෙස ජීවත්වීමට හැකි වන පරිදි තාක්ෂණයෙන් සපිරි ලොවක්  සඳහා මංපෙත් විවර කර ගනිමින් පවතී. Huawei අඛණ්ඩව නවීන තාක්‍ෂණයන් භාවිතා කරමින් ස්මාර්ට්ෆෝන් නිෂ්පාදනයෙන් ඔබ්බට පැළඳිය හැකි උපාංග , ශ්‍රව්‍ය උපාංග  සහ වෙනත් තාක්ෂණික උපාංග මගින් නව ලොව ගැටළු සදහා  තාක්‍ෂණික විසඳුම් සපයමින් ස්මාර්ට් Home, Smart Office  වැනි වඩා දියුණු සංකල්ප වෙත ගමන් කරමින් පවතී.

Huawei Nova 7i සහ Huawei Watch GT 2 Pro සම්බන්ධ කිරීම මගින් කාර්යක්ෂම ලෙස එදිනෙදා කාර්යයන් සිදුකිරීමේ හැකියාව පරිශීලකයින්ට හිමිවේ. Huawei Watch GT 2 Pro ස්මාර්ට් වොච් එක මගින් තම දුරකතනයට පැමිණෙන ඇමතුම් ලබාගැනීමට හැකියාව ඇති අතර ව්‍යායාම සහ ක්‍රීඩා කිරීමේදී ස්මාර්ට් දුරකථනය රැගෙන යාමේ අපහසුතාව මගහරවා ගැනීමට මෙය රුකුලක් වේ.

ඇදහිය නොහැකි ආකර්ෂණීය මිලකින් වෙළද පොළ වෙත ඉදිරිපත් කර ඇති Huawei Nova 7i, Nova පවුලේ අනෙකුත් ස්මාර්ට් දුරකථන මෙන්ම  අලංකාර matte පෙනුමකින් යුක්ත වන අතර භාවිතයට සහ අල්ලා ගැනීමට පහසු aluminum frame පදනම් කර ගනිමින් නිපදවා ඇත. Huawei Nova 7i හි  අඟල් 6.4 ක් තරම් වූ dew drop තිරය දුරකතනයේ පෙනුම තව දුරටත් වර්ධනය කර ඇති අතර මේ හරහා දුරකථන ක්‍රීඩා සහ චිත්‍රපට නැරඹීමේදී පරිශීලකයාට වඩාත් පුළුල් අත්දැකීමක් හිමි වනු ඇත.

Lite-flagship මාදිලියේ  විශේෂාංග ඇතුළත් නවතම ජංගම දුරකතනය වන Huawei Nova 7i  හි 48MP ප්‍රධාන කාච, 8MP ultra wide කැමරාව,  2MP macro, සහ 2MP depth කැමරා වලින් සමන්විත Quad AI කැමරා පද්ධතිය හේතුවෙන් ඉතා අලංකාර සහ විශිෂ්ට ඡායාරූප ලබා ගැනීමේ හැකියාව පරිශීලකයින්ට හිමි වේ. AI තාක්ෂණයෙන් බල ගැන්වුණු Super Night mode නිසා අඩු ආලෝක තත්වයකදී වුව, blur-free වීඩියෝ ගැනීම Huawei Nova 7i හරහා හිමි වන අතර  දුරකථනය භාවිත කරන්නන්ට සෙන්ටිමීටර  4 ක් තරම් සමීපව වස්තුන්  focus කිරීමට එහි macro කාචය තුලින් හැකියාව ලැබේ. තවද Huawei Nova 7i  හි කැමරා සතු bokeh effects හා නවතම AI Portrait Color මඟින් ඡායාරූප වලට සිනමාත්මක ගුණයක් ලබා දෙයි.  නවතම punch hole තාක්ෂණය මඟින් බල ගැන්වුණු  දුරකතනයේ 16MP ඉදිරිපස කැමරාව  full view තිරයෙහි වම් පස කෙරවලේ පිහිටා ඇති අතර මේ  හරහා කිසිඳු බාධාවකින් තොරව  තිරය පරිහරණය කිරීමේ පහසුව පරිශීලකයාට හිමි වේ. 

Mobile gaming සඳහා ප්‍රිය කරන බොහෝ දෙනා අතර Huawei Nova 7i ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ එහි භාවිතා කර ඇති වැඩි දියුණු කල GPU Turbo තාක්ෂණය හේතුවෙන්ය. මෙමඟින් කිසිදු ප්‍රමාදයකින් තොරව, වීඩියෝ ක්‍රීඩාවල නිරත වීමටද Nova 7i  භාවිත කරන්නන්ට ඉඩ හිමි වේ. 8GB  RAM, 128GB මතක ධාරිතාවයක් සහ GB 256ක් දක්වා දිගු කල හැකි Nano මතක ධාරිතාවයක් ඇති Nova 7i,  4200mAh බැටරියකින්  සහ  40W Huawei SuperCharge පහසුකමින් යුක්ත වේ. 

Sakura Pink, Crush Green සහ  Midnight black යන වර්ණ ත්‍රිත්වයකින් පාරිභෝගිකයා වෙතට එන Huawei Nova 7i , වඩාත් අලංකාර පෙනුමකින්ද  යුක්ත වේ.

Huawei Watch GT2 Pro අඟල් 1.39 ක AMOLED ස්පර්ශක තිරයක් සහිත අතර එහි  බල බොත්තමක් (power button) සහ ක්‍රියාකාරී බොත්තමක් (Function button) ඇත. එහි ප්‍රධාන රාමුව ටයිටේනියම් වන අතර එහි මුහුණත sapphire crystal වලින් සාදා ඇති අතර, එම  නිසා ඉතා සුන්දර නිමාවක් මෙයට ලැබී ඇත. මෙම ස්මාර්ට් වොච් එක ඉතා සැහැල්ලු වන අතර එහි බර  ග්‍රෑම් 52 (පටි  රහිතව) වේ. Huawei Watch GT2 Pro පැළදීම ඉතා පහසු වන අතර ජලයට ඔරොත්තු දීමේ හැකියාවද පවතී.

Huawei Watch GT2 Pro විසින්  fitness technology හි  විප්ලවීය වෙනසක් සිදු කරයි. කඳු නැගීමේ මාදිලිය, එළිමහන් ධාවනය, ඔරු පැදීම, සර්ෆින් සහ ටෙනිස් වැනි ක්‍රියාකාරකම්ද  “ව්‍යායාම ක්‍රම” 100 කට අධික සංඛ්‍යාවක්ද  මෙහි අන්තර්ගතය. Huawei Watch GT2 Pro ස්මාර්ට් වොච් එක මගින් හෘද ස්පන්දන වේගය, සාමාන්‍ය වේගය, උපරිම බෑවුම, හිම මත ලිස්සා යාම සදහා විශේෂ වූ වැඩසටහන් ලබාදෙන අතර AI පද්ධතියක් මගින් එම දත්ත විශ්ලේෂණය කරමින් වඩා නිරවධ්‍ය වූ වර්ධන ක්‍රමෝපායන් යෝජනා කරයි .

Huawei Watch GT2 Pro අතේ ඇති හෙයින්, පරිශීලකයින්ට ව්‍යායාම හා ක්‍රීඩා වල යෙදෙන අතරතුර දුරකථනය නොමැති වුවද ඇමතුම් ලබාගැනීමේ හැකියාව ලබාදේ . එහි 4GB Memory  සමඟින්, ගීත 500 ක් දක්වා ගබඩා කිරීමේ හැකියාව ඇති අතර එමඟින් පරිශීලකයින්ට දුරකථනය නොමැතිව සංගීතයට සවන්දිය  හැකි අතර ඔවුන්ට ඇමතුම් ලැබීමට, ප්‍රතික්ෂේප කිරීමට හෝ නිශ්ශබ්ද කිරීමට  දුරකථනයේ බ්ලූටූත් සම්බන්ධතාවය උපකාරි වේ.

ස්මාර්ට් ඔරලෝසුව Huawei Share පහසුකමද ලබාදෙන අතර එමඟින් පරිශීලකයන්ට සංගීතය සහ ඡායාරූප වැනි දත්ත මාරු කිරීමටද  ඉඩ සලසයි, එවිට ඔරලෝසු මුහුණ ප්‍රියතම ඡායාරූප සමඟ රිසිකරණය කර සංගීතයට සවන් දීමටද ඔවුන්ට හැකි වේ. දුරස්ථ පාලකයක් ලෙසද මෙම ස්මාර්ට් වොච් එක ක්‍රියාකරන අතර දුරකථනය මගින් චායාරුප ගැනීමද මෙමගින් පාලනය කල හැක. Wireless charge කිරීමේ  පහසුකම පවතින මෙම උපාංගය සහ reverse charging පහසුකමද සලසයි. මිනිත්තු පහක රැහැන් රහිත ඉක්මන් Wireless charge කිරීම මගින් පැය 10 ක් භාවිතා කළ හැකි අතර සම්පූර්ණයෙන්ම charge කළ විට එය දින 14 ක් පමණ පවතී.

Huawei Nova 7i ස්මාර්ට්  දුරකථනය HUAWEI Sound X සමඟ සම්බන්ධ කල හැකි ආකාර කිහිපයකි. පළමු ආකාරය නම් Huawei Nova 7i දුරකථනයේ Bluetooth මගින් HUAWEI Sound X සම්බන්ද කිරීමයි. මෙම ක්‍රමය ස්මාර්ට් දුරකථන භාවිතා කරන බොහෝ දෙනාට නුපුරුදු දෙයක් නොවේ .කෙසේ වුවද වඩාත් පහසු ක්‍රමය වන්නේ Huawei Nova 7i හි HUAWEI AI Life app එක open කර එහි search කිරීම මගින් HUAWEI Sound X හා සම්බන්ද වීමයි . තවද Huawei Share පහසුකම ඇති නිසා එක් tap කිරීමකින් ක්ෂණිකව සම්බන්ධ කිරීමේ හැකියාව හිමිවේ.

Huawei Nova 7i ස්මාර්ට් දුරකථනය HUAWEI Sound X සමග සම්බන්ධ කිරීම මගින් ඔබගේ දුරකතනයේ ඇති සංගීතයන් ඉතා ඉහල ශබ්ද ගුණාත්මක බවකින් යුතුව සවන් දීමේ හැකියාව හිමි වන අතර DJ කෙනෙකු නොමැතිව වුවද නිවසේදීම කුඩා සාදයක් වුවත් පැවැත්වීමේ හැකියාව හිමිවේ. HUAWEI Sound X ඔබගේ නවතම සංගීතය සපයන්නා වනු ඇත.

Huawei Sound X යනු subwoofer දෙකක් සහිත Portable Speaker එකකි . මෙය යුරෝපයේ ශ්‍රව්‍ය උපකරණ සදහා ප්‍රචලිත Devialet සමාගම සමග එක්ව  Devialet’s Speaker Active Matching (SAM) තාක්ෂණය සමඟ පැමිණෙන අතර HD ශබ්දයන් හි ඉහළ තත්වය සහතික කර ඇත. එහි duel speakers නිර්මාණය කර ඇත්තේ දැවැන්ත කම්පන ඇති කිරීමට බලය සපයන magnetic rare earth materials වලින් ය. Huawei Sound Xහි Bass sound  40hz තරම් අඩු වේගයක් වුවත් ග්‍රහණය කරගනී. Huawei Sound X , Huawei Share තාක්ෂණය මගින්ද බලගැන්වීම සහ ක්‍රියාත්මක කිරීම සිදුකල හැකිය . Huawei Sound X හි පෙනුම ඉතා ආකර්ෂණිය වන අතර විනෝද උත්සවයන්හිදී භාවිතයට යෝග්‍ය කදිම portable speaker එකක් ලෙස සැලකේ.

මෙම ස්මාර්ට් උපාංගයන් හි  පවතින පොදු ලක්ෂණය වන්නේ යොදාගෙන ඇති ඉහළ තාක්ෂනය සහ අසමසම විශේෂාංගයන්ගෙන් යුක්ත වීමයි . තවද තාක්ෂණික නිෂ්පාදනයේ නව මානයන් සොයායන බොහෝ දෙනාගේ පැසසුමට ලක් වී ඇති මෙම උපාංග පෙළ දිනෙන් දින පරිශීලකයින් අතර ප්‍රචලිත වෙමින් පවතී .

Huawei Nova 7i රු. 52,999.00 මිළකට සහ Huawei Watch GT 2 Pro රු. 57,999.00 මිළකට හා  Huawei Sound X  රු. 57999  සියලුම Huawei Experience Centers, දිවයින පුරා සිංගර් ප්‍රදර්ශනාගාර වලින්, Daraz.lk හා Singer.lk වෙතින්ද මිලදී ගත හැකි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *