ලොව වඩාත් ජනප්‍රියම Audio streaming subscription සේවාව වන Spotify, ශ්‍රී ලංකාව, බංගලාදේශය සහ පකිස්ථානය යන රටවලට  සිය සේවා ව්‍යාප්ත කල  බව නිල වශයෙන් දැනුම් දීම සිදු කෙරිණි. කිසිඳු අවිවාදයකින් තොරව ලොව බොහෝ දෙනෙකු විසින් සිය විනෝදාස්වාද කටයුතු උදෙසා භාවිත කරන Spotify, ශ්‍රී ලංකාවට පැමිණෙන තුරු බොහෝ පිරිසක් අපේක්ෂාවෙන් පසු වූවා.  දැන් සියලුම ශ්‍රී ලාංකිකයින්ට Spotify හරහා මිලියන 70කට අධික ජනප්‍රිය ගීත සඳහා ප්‍රවේශය හිමි වන අතර, මෙහි විදේශීය මෙන්ම දේශීය වශයෙන්  ප්‍රචලිත ගීත රැසක් දැකගත හැකිය.   

ලොව පුරා මිලියන 155ක Premium ග්‍රාහකයන් පිරිසක් ඇතුළුව මාසිකව මිලයන 345කට අධික ශ්‍රාවක පිරිසක් Spotify හා එක් වේ.  Spotify සේවාව වෙත නොමිලයේ පිවිසිය හැකි අතර, කිසිඳු දැන්වීම් හෝ වෙනත් බාධාවකින් තොර සංගීත රසාස්වාදයක් උදෙසා  Spotify Premium වෙත ගිණුම යාවත්කාලීන කිරීමේ අවස්ථාව දැන් පරිශීලකයින්ට හිමි වේ.  

මසකට රුපියල් 529ක් වැනි සුළු මුදලකට Spotify Premium සේවාවන් අප්ග්‍රේඩ් කල හැකි අතර, පවුලේ සියලු දෙනාටම විනෝදයෙන් කාලය ගත කිරීමට Premium Family subscription හදුන්වා දී ඇත්තේ රුපියල් 849ක් වැනි මාසික ගෙවීමකටයි. මේ හරහා පවුලේ සාමාජිකයින් හය දෙනෙකුට සේවාවන් ලබා ගැනීමේ හැකියාව හිමි වේ.  Duo Mix සහිත නවතම Spotify Premium DUO (මසකට රුපියල් 679ක්) යනු එකම නිවසේ  ජීවත් වන දෙදෙනෙකු සඳහා වූ දායකත්ව සැලසුමකි. සිසුන් සඳහා ද Premium for Students දායකත්ව සැළසුම් වාරික ක්‍රමයක් හඳුන්වා දී ඇති අතර, එය රුපියල්  265 ක් වේ. මෙම සැළසුම් සඳහා ඉතා පහසුවෙන් ඩයලොග්, SLTMobitel සහ හච් හරහා ගෙවීම් සිදු කළ හැකිය. 

විවිධ වර්ගයේ ස්මාර්ට් උපාංග තුළ භාවිත කළ හැකි Spotify ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ අසමසම විශේෂාංග රැසක අත්දැකීම පරිශීලකයාට හිමි කර දෙමින්. මේ හරහා සංගීත ලෝලීන් හට පුද්ගලීකරණය කළ සංගීත නිර්දේශයන් ලබා ගැනීමට, නවතම ගීත රස විඳීමට අවස්ථාව මෙන්ම ඒවා සමීපතයන් අතර බෙදා ගැනීමට අවස්ථාව හිමි වේ.  

මේ පිළිබඳ අදහස් දක්වමින් Spotify හි ප්‍රධාන ෆ්‍රීමියම් ව්‍යාපාර නිලධාරි ඇලෙක්ස් නොර්ස්ට්‍රෝම් මෙලෙස පවසා සිටියි. “ලොව පුරා විසිර සිටින නිර්මාණකරුවන් සහ සවන්දෙන්නන් එකම වේදිකාවක් තුළට රැගෙන ඒමට හැකියාව ලැබීම පිළිබඳ මා සතුටට පත් වනවා. වසර ගණනාවක් පුරාවට අපගේ අන්තර්ජාතික ප්‍රවේශය පුළුල් කරමින්, අප සෑම මහද්වීපයකම පාහේ මිලියන 8 කට අධික කලාකරුවන්- ශ්‍රාවකයන් සමඟ සම්බන්ධ කර ඇති අතර, Spotify වර්තමාන ගෝලීය ශ්‍රව්‍ය ආර්ථිකය තුළ ප්‍රමුඛ ස්ථානයක් හිමිකර ගෙන තිබෙනවා. තවද, මෙම නව වෙළඳපලවල් තුළ Spotify දියත් කිරීමට හැකි වීම,  සැබවින්ම දේශසීමා රහිත ශ්‍රව්‍ය පද්ධතියක් ගොඩනැගීම සඳහා අපගේ අඛණ්ඩ කැපවීම පෙන්නුම් කරයි” . 

“අපගේ ගීත සවන්දෙන්නන් සඳහා පමණක් නොව, දේශීය කලාකරුවන්ගේ ද ජීවිත පොහොසත් කිරීම සඳහා සංගීතය නැමති ත්‍යාගය බොහෝ පිරිසක් සමඟ බෙදා ගැනීමට අපට අවශ්‍යයයි” අළුතින් දියත් කරන ලද දකුණු ආසියානු වෙළෙඳපොළ සඳහා සංගීත හා ශ්‍රව්‍ය  විශේෂඥයින් කණ්ඩායම මෙහෙයවන මැදපෙරදිග හා අප්‍රිකාව සඳහා Spotify කළමණාකාර අධ්‍යක්ෂ ක්ලෝඩියස් බොලර් පවසයි. “අපගේ ශ්‍රාවකයින් සමඟ සිටීමට අපට “සැමවිටම අවශ්‍ය වන අතර, මෙම නව භූගෝලීය ව්‍යාප්තියත් සමඟ  බංගලාදේශය පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවල සංගීතය ලොව පුරා බෙදා හදා ගැනීමේ අපගේ මෙහෙවර  ක්‍රියාත්මක කරමින්  සිටිනවා”   ඔහු වැඩි දුරටත් පවසා සිටියි.  

ශ්‍රී ලංකාව වෙනුවෙන්ම ක්‍රියාත්මක වන Spotify Playlists තුළ දිනපතා යාවත්කාලීන වන Hot Hits Sri Lanka, Sinhala Rap-zillas, Sinhala Pop, Sinhala Lounging ඇතුළු ගීත කාණ්ඩ රැසක් දැකගත හැකි වේ. 

Spotify හි ප්‍රධානතම සුවිශේෂීත්වය වනුයේ පුද්ගලයාගෙන් පුද්ගලයාට විශේෂ වූ Playlists එකයි. සෑම නව සාමාජිකයෙක්ම Spotify හා එක්වන අවස්ථාවේ ඔවුන්ටම අවේණික වූ ගීත ඉදිරියේදී ලබා දීම සඳහා ‘Taste Onboarding’  ක්‍රියාවලියක් Spotify හා ඒකාබද්ධ කර ඇති අතර,  තමන් ආදරය කරන ගීත ඉතා පහසුවෙන් ගවේෂණය කිරීමටත්, ඒවාට සවන්දීමටත් දැන් දේශීය පරිශීලකයින්ට Spotify හරහා අවස්ථාව හිමි වේ. 

 Spotify තුළ පවතින අනෙකුත් වැදගත් විශේෂාංග වනුයේ, ඩේලි මික්ස් (ඔබ කැමති යැයි අපි සිතන නව ගීත සමඟ ඔබේ ප්‍රියතම ගීත ඒකාබද්ධ කරන playlists), රිලීස් රේඩාර් (ඔබ අනුගමනය කරන සහ සවන් දෙන, සෑම සිකුරාදා දිනකම යාවත්කාලීන වන ඔබේ ප්‍රියතම කලාකරුවන් මත පදනම්වන playlist) සහ ඩිස්කවර් වීක්ලි  (ඔබගේ  සවන්දීමේ පුරුදු මත පදනම් වූ playlist). 

දැන් ඕනෑම අයකුට  Spotify  මොබයිල්, ලැප්ටොප් හෝ ටැබ්ලට් හරහා ක්‍රියාත්මක  කරගැනීමේ හැකියාව හිමි වන අතර, Instagram, Facebook, Samsung mobile සහ TV, Apple TV, Apple Watch, Chromecast, Google Maps, Fitbit ඇතුළු Application ගණනාවක් හා ඒකාබද්ධ  කිරීමේ හැකියාවද හිමි වේ.  තවද Premium පරිශීලකයින් සඳහා Offline listening පහසුකම හිමි වන අතර, ඒ සඳහා ගීත පෙර ඩවුන්ලෝඩ් කිරීම සිදු කළ යුතුයි. තවද Premium පරිශීලකයින් සඳහා 320 kbps දක්වා වූ ශ්‍රව්‍ය ගුණත්වයක්ද හිමි වේ. 

මෙහි තවත් වැදගත් විශේෂාංගයක් වන්නේ Spotify For Artists ය. මේ හරහා කලාකරුවන් හට  ඔවුන්ගේ  රසිකයින් සමඟ සම්බන්ධ වීමට සුවිශේෂී අවස්ථාවක් හිමි වේ.  

Android හෝ  iOS app store හරහා හෝ  www.spotify.com/free වෙත පිවිස දැන් Spotify ඩවුන්ලෝඩ් කර ගත හැකිය.  Spotify පිළිබඳ වැඩිදුර විස්තර අවශ්‍ය නම්, මෙහි ක්ලික් කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *