ගෝලීය වශයෙන් ප්‍රමුඛතම ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් වන vivo නවතම mid-range ස්මාර්ට් ජංගම දුරකථනය වන Y51 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි. තාරුණ්‍ය වෙනුවෙන්ම නිර්මාණය කෙරෙන Y මාදිලියේ මෙම නවතම Y51 හී 8GB RAM + 128GB ROM මගින් විවිධ බහුකාර්ය යෙදවුම් භාවිතයට පහසුකම් සපයයි. AI Triple camera සැකැස්ම මෙන්ම මෙම නව Y51 හි 48MP Main Rear Camera ඇති අතර Super Night Camera, Stylish night filters ඇතුළු විවිධාකාර කැමරා විශේෂාංග මගින් දිවා රාත්‍රී දෙකෙහිම සුපැහැදිලි දසුන් ලබා දෙයි.

වැඩි වෙලාවක් පුරා camera සහ app භාවිත කිරීමට ඇති අවස්ථාව වර්ධනය කරමින් vivo Y51 හී 18W Fast Charge තාක්ෂණය සහිත දිගු බැටරි ආයු කාලයක් ලබා දෙන 5000mAh බැටරියක් අන්තර්ගතව ඇත. මීට අමතරව, Side-Mounted Fingerprint Scanner අන්තර්ගත වන අතර එමගින් ක්ෂණිකව එකවරම display එක ක්‍රියාත්මක කරමින් දුරකථන‌යෙහි අගුළු විවෘත කරනු ලැබේ.

vivo ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කෙවින් ජියැන්ග් මහතා Y51 හඳුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. “vivo සෑම ස්මාර්ට් ජංගම දුරකථන හඳුන්වා දිමකදිම වැඩි memoryක්, ප්‍රභල processors සහ batteryක්, මෙන්ම superior camera විශේෂාංග සමගින් හැඩකාර විලාසිතාවන්ගෙන් අලංකරණය කරන ලද උපාංග සිත් ගන්නා මිල ගණන් යටතේ ලබා දෙනු ලබනවා. vivo හි Y මාලාවේ මෙන්ම ශ්‍රී ලාංකික තරුණ පරම්පරාවේ අවශ්‍යතාවයන් ඉතා සියුම්ව අවබෝධකර ගනිමින්  එම අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා අවශ්‍ය විශේෂාංග සහ හැකියාවන්ගෙන් Y51 බලගන්වා තිබෙනවා. ඒ අනුව තම අත ඇති දුරකථනය වෙනුවට නව්‍ය දුරකථනයක්  අපේක්ෂා කරන මෙන්ම අලුතින්ම ස්මාර්ට් ජංගම දුරකථන අත්දැකීමක් ලබා ගැනීමට සුදානම් වන සියලු දෙනාටත් vivo Y51 ඉතා සුවිශේෂී තේරීමක් වනු ඇති.

Qualcomm® Snapdragon™ 6 Series Mobile Platform මගින් බල ගැන්වෙන Y51 8GB RAM + 128GB ROM මගින් බලවත් හා දීර්ඝ වෙලාවක් පුරා අඛණ්ඩ ක්‍රියාකාරිත්වයක් ලබා දෙයි. එහිදී 18W Fast Charge සහ AI power saving technology මගින් single full charge කිරීමකින් online HD movie streaming සඳහා පැය 17.9 ක ආයු කාලයකුත් games සඳහා පැය  9.9ක ආයු කාලයකුත් ලබා දෙයි.

Y51 හි 48MP Rear Camera මගින් එදිනෙදා සුපැහැදිලි දසුන් ලබා ගැනීමට අවස්ථාව සලසා දෙයි. එලෙසම  AI triple camera මගින් පරිශීලකයාට දිවා රෑ නොබලා සුපැහැදිලි දසුන් ග්‍රහණය කර ගැනීමට හැකිය. එපමණක් නොව මෙමගින් Super Wide Angle Camera, Super Macro Camera, සහ Super Night Mode අත්දැකීම්ද ඔබ වෙත ලබා දෙයි. Super Night Mode මගින් අඩු ආලෝක තත්වයන් යටතේ වුවද ඡායාරූපවල දෝෂ අවම කිරීම සඳහා multi-frame noise reduction algorithm භාවිත කරයි. මෙහිදී උසස් රුගත කිරීමේ පහසුකම් ලබා දෙමින් ඒ සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද Stylish Night Filters කට්ටල හතරක් සහ ස්ථාවර වීඩියෝ සඳහා Electronic Image Stabilization (EIS) තාක්‍ෂණය අන්තර්ගත කර ඇත. Y51 හි 16MP front camera සමග Super Night Selfie Mode විශේෂාංගය හිමිවන අතර real-time previews වලදී ඔබේ මුහුණේ ආලෝක තත්වය ඉහළ නැංවීමට එමගින් පහසුකම් සලසා තිබේ. තවද  Aura Screen Light මගින් සංසරණ ආලෝකය ස්වයංක්‍රීයව සැකසන අතර අඩු ආලෝක තත්ත්වයන් යටතේ දෝෂ අවම කිරීම සඳහා noise cancellation algorithm භාවිතා කරයි.

උපරිම ශ්‍රව්‍ය දෘශ්‍ය අත්දැකීමක් ලබා දීම සඳහා Y51 හි අන්තර්ගත Audio Booster විශේෂාංගය සහ ඊටම අනන්‍ය Super Audio sound effects මගින් අද්විතීය ශබ්ද ප්‍රයෝග ලබා දේ. Gaming experience ලබා දීමේදී ඇතිවිය හැකි ප්‍රමාද දෝෂයන් වළක්වාලීමට Multi-turbo 4.0 මඟින්  Y51 බලගනවා ඇත. Halo FullView™ Display සමඟ, Y51 හී අක්ෂි ආරක්ෂණ විශේෂාංගය මගින් සමඟ videos සහ games පරිශීලනයේදී ඇසට සුවපහසු විශිෂ්ට දසුන් ලබා දෙනු ලබයි.

Y51 ඇතුළත් තවත් සුවිශේෂී විශේෂාංග පිළිබඳව විමසා බැලීමේදී මතක සටහන් ක්‍රමානුකුලව පවත්වා ගැනීමටත් ආකර්ශනීය වීඩියෝ නිර්මාණය කරමින් සමාජ මාධ්‍ය හරහා බෙදා ගැනීමටත් පහසුකම් සපයන AI Albums විශේෂාංගයත් දුරකථනය හෝ දුරකථන තිරය නිසි පරිදි කළමනාකරණය කර ගැනීමට පහසුකම් සපයන iManager විශේෂාංගයත් හඳුන්වා දිය හැකිය.

නව Y51 ස්මාර්ට් ජංගම දුරකථන Titanium Sapphire සහ Crystal Symphony යන ආකර්ශනීය වර්ණ වලින් රු 52,990 මිලකට vivo බලයලත් අලෙවි නියෝජිතයන්ගෙන්, Abans, Dialog සහ Singhagiri ප්‍රදර්ශනාගාර වලින් ඔබට ලබා ගත හැකිය. එහිදී Y51  මිලදී ගන්නා ඔබට Dialog වෙතින්  40GB anytime data පැකේජයක් නොමිලේ හිමිවන අතර එය ජනවාරි 15 සිට මාස 2 ක කාලයකට (මාසිකව 20GB වශයෙන් ) වලංගු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *