ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei සෑම විටම සිය ගනුදෙනුකරුවන්ට හොඳම සේවා පිරිනැමීමට කටයුතු කරන අතර, දිවයින පුරා පිහිටි Huawei සේවා මධ්‍යස්ථාන එහි උසස් තත්ත්වයේ පාරිභෝගික සේවාව නිසාම පරිශීලකයින් අතර ජනප්‍රියත්වයට පත්ව තිබේ. සේවා විශිෂ්ටත්වයේ තවත් සලකුණක් වන්නේ අලුත් අවුරුදු සමයේ  Huawei විසින් පරිශීලකයින්ට විශේෂ වට්ටම් හා සුවිශේෂ දීමනා ලබාදෙමින් සිය පාරිභෝගිකයින්ට උපහාර දැක්වීමයි.

මේ වනවිට Huawei සේවා වාර්ෂික දීමනා සමය ආරම්භ වී ඇති අතර එය ජනවාරි 10 වනදා දක්වා ක්‍රියාත්මක වේ. නොවැ.26 ආරම්භ වූ Huawei Service වාර්ෂික දීමනා සමය පැමිණෙන්නේ උත්සව සමයේදී ‘තෑගි සහ සතුට’ රැගෙන බව පාරිභෝගික මතයයි. Huawei සේවා මධ්‍යස්ථාන නොමිලේ හා ආකර්ෂණීය තෑගි වලින් පිරී ඇති අතර මෙම කාලයේ පැමිණෙන සියලුම ගනුදෙනුකරුවන් සඳහා තෑගි ලබා දීමට සූදානම් බව Huawei පවසයි .

කොළඹ, මහරගම, මහනුවර, අනුරාධපුර, ගාල්ල සහ යාපනය Huawei සේවා මධ්‍යස්ථාන වෙත පැමිණෙන පාරිභෝගිකයින් හට  තෝරාගත් උපාංග අමතර කොටස්, අඩු වියදම් උපාංග අළුත්වැඩියා කිරීම, සහ නොමිලේ  උපාංග පිරිසිදු කිරීම සහ විශබීජහරණය  සහ තවත් බොහෝ සේවාවන් Huawei සේවා වාර්ෂික දීමනා සමයත් සමඟ Huawei පරිශීලකයන් හට පිරිනැමීමට ආයතනය කටයුතු කර ඇත.

තවද නව පෙනුමක් සහිත උපාංගයක් සමඟ නව වසර සැමරීමට හැකි අතර තෝරාගත් උපාංග අමතර කොටස් සඳහා 50% දක්වා වට්ටම් ලබා ගත හැකිය.  Anti-fingerprint, Anti-greasy dirt, Highly durable  Skid resistant  frosted Screen protector එකක් රු. 200 වැනි අඩු මුදලකට මිලදී ගත හැකි අතර Huawei සේවා මධ්‍යස්ථාන විසින් ඔවුන්ගේ උපාංග ගැන වැඩි සැලකිල්ලක් දක්වන අය සඳහා නව හා ආකර්ෂණීය back cover protector හඳුන්වා දී ඇති අතර එය රු. 150ක වට්ටම් මිලකට ලබාගත හැක. තවද අළුත්වැඩියා කිරීම සඳහා ඔවුන්ගේ Huawei උපාංග රැගෙන යන පාරිභෝගිකයින්ට නොමිලේ පිරිසිදු කිරීමේ හා විෂබීජ නාශක සේවාවක් සැපයේ. මෙම පිරිසිදු කිරීමේ හා විෂබීජ නාශක සේවාව සියලුම Huawei ස්මාර්ට්ෆෝන්, ටැබ්ලට්, ලැප්ටොප්, ස්මාර්ට් watch සහ FreeBuds සඳහා නොමිලේ ලබා ගත හැකිය.

Huawei ඉහළ මට්ටමේ සේවා විශිෂ්ටත්වයක් පවත්වා ගැනීමට සහ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීම සහතික කිරීමට කැපවී සිටී. එහි ප්‍රතිපලයක් වශයෙන්, Huawei සේවා මධ්‍යස්ථාන නිරන්තරයෙන් අධීක්ෂණයට  ලක් කරනු ලබන අතර සියලුම උපකරණ අළුත්වැඩියා කිරීම් හොඳින් පුහුණු හා පළපුරුදු Huawei කාර්මිකයින් විසින් සිදු කරනු ලැබේ.

මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින Huawei වාර්ෂික දීමනා සමය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ Huawei උපාංග ප්‍රධානී පීටර් ලියු මහතා මෙසේ පැවසීය.  “Huawei තාක්ෂණික උපාංගයන් භාවිත කරන්නන් සීග්‍රයෙන් ඉහළ යමින් පවතින අතර Huawei වෙළඳ නාමය කෙරෙහි විශ්වාසය තැබූ ඔවුන් හට සැමදා කෘතඥතාව දක්වමු. සෑම වසරක්ම නැවුම්ව ඇරඹීමට  අප සියලු දෙනා කැමැත්තෙමු.  පැරණි උපාංග ඇති පරිශීලකයින්ට ඉතා අඩු මිලකට  ඒවා අළුත්වැඩියා කර නව පෙනුමක් හා නැවුම් හැගීමක්  ලබාදීමට Huawei වාර්ෂික දීමනා සමය කදිම අවස්ථාවක් බව අප විශ්වාස කරමු ”

තිර ප්‍රතිස්ථාපනය, බැටරි ප්‍රතිස්ථාපනය සහ ප්‍රධාන පුවරු ප්‍රතිස්ථාපනය වැනි අළුත්වැඩියා අවශ්‍ය උපාංග සඳහා, විශේෂ වට්ටම්  Huawei වාර්ෂික දීමනා සමයේදී පිරිනැමේ. Huawei MediaPad T2-7, Huawei ටැබ් හිමිකරුවන් හට විශේෂ වරප්‍රසාදයක් ලෙස උපාංග තිරය ප්‍රතිස්ථාපනය කිරීමේදී නව පිටුපස කවරයක්ද රු. 3,699 වැනි වට්ටම් මිලකට  ලබාගත හැක. දැන් Huawei උපාංග භාවිතා කරන්නන්ට ඔවුන්ගේ පැරණි උපාංගවලට නව පෙනුමක් ලබා දිය හැකිය. Huawei GR3 2017, Huawei GR5 2017,  Huawei T2 7, Huawei Y3 2, Huawei Y3 2017, Huawei Y5 2017, Huawei  Y6 2, Huawei  Y6 2019, Huawei  Y6 Pro 2018 සහ Huawei Y7 උපාංගයන්හි  බැටරි ප්‍රතිස්ථාපනය රු. 1,899 වැනි වට්ටම් මිලකටත් Huawei Nova  2i, Huawei Nova 3, Huawei Nova 3i, Huawei P 10, Huawei P10 + ,Huawei P 30 lite, Huawei P 9, Huawei T 3 10, Huawei Y  7 2019, Huawei Y 9 2018, සහ Huawei Y 9 2019 ඇතුළු Huawei  උපාංග සඳහා මෙම ආකර්ෂණීය දීමනාව රු. 2,599 ලබා ගත හැකිය. පරිශීලකයින්ට ඔවුන්ගේ උපාංග වල බැටරි ප්‍රතිස්ථාපනය කළ හැකිවනවා  පමණක් නොව, විශේෂ වට්ටම් සහිතව main board replacement කරගත හැකි අතර Huawei Y3 2017 – 3G මාදිලියේ ප්‍රධාන main board replacement  එක රු. 3842 ක් වන අතර එහි 4G මාදිලිය රු. 4,399 පමණ වේ. Huawei Y5 2017 සඳහා එහි මිල රු. 4399, Huawei Y7 2016 – රු. 4999, Huawei Y7 Pro 2018 – රු. 4399 සහ Huawei Y9 2018 – රු. 5,599 කි.

Screen replacements  අවශ්‍ය පැරණි උපාංග ළඟම ඇති සේවා මධ්‍යස්ථානයකට ගෙන ගොස් ඇදහිය නොහැකි මිලකට නව උපාංග සහ සේවාව ලබාගත හැකිය. Huawei Y3 2017 (රන්) සහ Huawei Y5 2017 (කළු) සහ Huawei Y6 2018 (කළු / සුදු) හි Screen replacements  රු. 2999 ක් වන අතර Huawei Nova  2i (සුදු ) සඳහා රු. 3499 ක් වන අතර Huawei Nova 3i (සුදු  / දම්) රු. 4999. Media Pad  Series ,  Media Pad  T  2 7 සඳහා screen replacement  සඳහා වැය වන්නේ රු. 2999, Media Pad  T 1 10 – රු. 2999 ක් සහ Media Pad  M  3 Lite  – රු. 3999 කි.

සේවා මධ්‍යස්ථාන කාර්යක්ෂම ලෙස මෙම ප්‍රධාන අළුත්වැඩියා සේවා විශේෂ මිල ගණන් යටතේ Huawei සේවා වාර්ෂික දීමනා සමයේදී ලබා දෙන අතර, පරිශීලකයින්ට ඔවුන්ගේ උපාංගවලට ආකර්ෂණීය වට්ටම් යටතේ සේවාවන් ලබා ගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *