Huawei Y7a යනු ජනප්‍රිය  Y ශ්‍රේණියේ  නවතම mid-range ස්මාර්ට් දුරකථනයයි. එම මිල මට්ටමේ අනෙකුත් ස්මාර්ට් දුරකතනයන්ට වඩා වැඩි විශේෂාංග රැසකින් සමන්විත Huawei Y7a මධ්‍යම කාණ්ඩයේ ස්මාර්ට් දුරකථනයක් ලෙස සැලකේ.  එය ප්‍රමුඛ ස්මාර්ට්ෆෝන් විශේෂාංග වලින් සමන්විත වන අතර මධ්‍යම කාණ්ඩයේ දුරකථනයකට වඩා වැඩි වටිනාකමක් සහ අත්දැකීමක් පරිශීලකයාට ලබා දෙයි.

විශාල ස්මාර්ට් දුරකථන තිරය මේ වන විට අත්‍යවශ්‍ය ස්මාර්ට් දුරකථන අංගයක් බවට පත්වී ඇත. Huawei Y7a මෙම අවශ්‍යතාව සපුරමින්  අඟල් 6.67 පූර්ණ HD විශාල තිරයක් සහ 90.3% screen -body ratio උපාංගය තුළට ඇතුළත් කර ඇත.  එහි වක්‍රාකාර දාර උපාංගය කෙනෙකුගේ අතේ ඇති විට එය පහසුවෙන් හැසිරවීමට උපකාරී වන අතර අඛණ්ඩව ක්‍රීඩා කිරීමට හා සැරිසැරීමටද උපකාරී වේ. Crush green, Blush gold සහ Midnight black යන අලංකාර වර්ණ ත්‍රිත්වයකින් වෙළඳ පොළට පැමිණෙන Huawei Y7a හි ආකර්ශනීය නිමාවට ඕනෑම කෙනෙකු ප්‍රිය කරයි:

Huawei Y7a  හි කැමරාවද සුවිශේෂී අංගයක් වේ. මෙම මිල මට්ටමේ අනෙකුත් දුරකතනයන් හා සසඳන කල 48MP Quad  AI කැමරාව මෙම දුරකතනයට විශේෂ ආකර්ශණයක් ලබා දේ.  මෙහි පසුපස කැමරා සැකසුම  කැමරා සතරකින් සමන්විත අතර 48MP (f/1.8 aperture) , 8MP (Ultra-Wide Angle Lens, f/2.4 aperture),  2MP (Depth Lens, f/2.4 aperture) සහ  2MP Macro Lens, f/2.4 aperture) ඒවා වේ . තවද AI තාක්ෂණයෙන් මෙම කැමරා පද්ධතිය බලගන්වා ඇත. 48MP High Resolution ප්‍රධාන කැමරාව විචිත්‍රවත් පැහැදිලි ඡායාරූප ග්‍රහණය කර ගන්නා අතර අනෙක් කාච තුනේ සංයෝජනය මඟින් පරිශීලකයින්ට අතිශය පුළුල් කෝණික, පැහැදිලි විශාලනය සහ අනන්‍ය ගැඹුර මගින් දර්ශන ග්‍රහණය කර ගනී. අඩු / රාත්‍රී ආලෝකකරණ තත්වයන් තුළ වුවද පැහැදිලි ඡායා රූපයන්  ‘සුපර් නයිට්’ කැමරා මාදිලිය මගින් පහසුවෙන් ලබා ගත හැක. Punch hole ආකාරයන් ඇති සෙල්ෆි කැමරාව 8MP (f / 2.0 විවරය)  දිවා හා අඩු / අඳුරු ආලෝක තත්ත්වයන් දෙකෙහිම එක හා සමානව සුන්දර පැහැදිලි ඡායා රූප ලබා දෙයි .

Huawei Y7a ස්මාර්ට් දුරකථනය  Kirin 710A ප්‍රොසෙසරයකින් සමන්විත අතර එය බොහෝ Y ශ්‍රේණියේ දුරකථන වල හොඳින් ක්‍රියා කරන ප්‍රොසෙසරයක් වේ . 4GB RAM එකකින් ක්‍රියාත්මක වන Huawei Y7a, 128 GB Storage යුක්තව පාරිශීලකයින් අතට පත්වේ. බහු කාර්යයන් සහ එදිනෙදා ක්‍රියාකාරකම් වලදී වෙනත් බොහෝ mid range උපාංග අභිබවා යමින් කාර්යක්ෂමව  කිසිදු බාධාවකින් තොරව භාවිතා කිරිමේ හැකියාව මෙම ස්මාර්ට් දුරකතනයේ ඇති තවත් එක් විශේෂත්වයකි.

Huawei Y7a , 5000mAh විශාල බැටරියකින් බලගැන්වෙන අතර එය මෑතකදී නිකුත් කරන ලද Huawei ස්මාර්ට්ෆෝන් අතර ප්‍රධාන තැනක් ගනී.  4G ඇමතුම් පැය 38.2 ක්ද , අන්තර්ජාල වීඩියෝ නැරඹීම පැය 16.6 ක් සහ පැය 12 ක් 4G අන්තර්ජාලයේ සැරිසැරීමේ නිදහසද මෙමගින් පරිශීලකයින්ට හිමිවේ.  Huawei Y7a, 22.5W Huawei Super Charge වේගයෙන් බැටරිය නැවත ආරෝපණය (Charge) කිරීමට හැකි  අතර විනාඩි 10 කාලයක් ආරෝපණය (Charge) කිරීමෙන් පැය දෙකක පමණ කාලයක් video නැරඹීමේ හැකියාව ලබාදේ.

Fingerprint lock screen එක මධ්‍යම කාණ්ඩයේ ස්මාර්ට් දුරකථන සදහා සුලබ විශේෂාංගයක් වුවත් side mounted Finger print විශේෂාංගය මධ්‍යම කාණ්ඩයේ ස්මාර්ට් දුරකථනයන්හි දක්නට නොලැබෙන අංගයකි.  Fingerprint option එක දුරකථනයේ power button එක මත ඇති නිසා දුරකතනයට වඩා වැඩි ආරක්ෂාවක් මෙමගින් සපයයි. තවද මෙම side mounted Fingerprint  විශේෂාංගය ඉතා කාර්යක්ෂම අතර ක්ෂණයකින් දුරකථනය unlock කරගැනීමේ හැකියාව පරිශීලකයාට හිමිවේ

නව Huawei Y7a හි මිල රුපියල් 35,999.00 ක් පමණක් වන අතර සියලුම singer ප්‍රදර්ශනාගාරවලින් සහ බලයලත් Huawei  අලෙවි නියෝජිතයන්ගෙන් මිලදී ගත හැකිය.අන්තර්ජාල ඇණවුම් කිරීම  Daraz.lk හරහා සිදුකරගත හැක .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *