VMware හි Multi-Cloud උපායමාර්ගය මගින් ප්‍රශස්ත මට්ටමේ බෙදා හැරීමක් හා සරල මෙහෙයුම් ක්‍රමවේදයක් පිරි නමමින්, ඕනෑම යෙදවුමක වටිනාකම ඉහළ නංවයි.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම් නංවමින්, ව්‍යාපාර නව මගකට ගැනීම සඳහා  නිරතුරුවම කටයුතු කරන  ව්‍යවසාය මෘදුකාංග සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයා වන VMware සමාගම, එමගින් නිර්මාණය කරන ඕනෑම cloud අවකාශයක් මත, ඕනෑම යෙදවුමක් නිර්මාණය කිරීමට, ධාවනය කිරීමට, කළමණාකරණය කිරීමට මෙන්ම සම්බන්ධ කිරීමටද හැකි නව්‍යෝත්පාදන පිළිබඳව පසුගියදා  නිවේදනය කරන ලදී. වර්තමානය වන විට, cloud අවකාශ මත ක්‍රියාත්මක වන VMware මෘදුකාංගයන්හි මිලියන 15 කට අධික කාර්යයන් පවතින අතර, හවුල්කරුවන් 4,300 කට වැඩි ප්‍රමාණයක් VMware මත පදනම් වූ cloud සේවාවන් පවත්වා ගෙන යති. නවතම, යාවත්කාලීන කරන ලද මෙම නව්‍යෝත්පාදන, පාරිභෝගිකයින්ට හා ගනුදෙනුකරුවන්ට, වඩාත් ස්ථාවර, කාර්යක්ෂම තොරතුරු තාක්ෂණික අවකාශ ආරක්ෂාව හා මෙහෙයුම් සමග පිරිනැමෙන අතරම, වැඩි සංවර්ධක නිදහසක් ලබාදෙමින්, multi-cloud හි අනාගත හැකියාවන් ඔවුනට අත් විඳීමට ඉඩකඩ සලසයි.  

VMware මෘදුකාංග, පරම්පරා ගණනාවක් පුරා, ස්වකීය ගනුදෙනුකරුවන් හට වඩාත් අභියෝගාත්මක ඩිජිටල් වෙළෙඳ පොළ තුළ නොනැසී පැවතීමට උපකාර කිරීම සඳහා විවිධාකාර විසඳුම් සහ සේවාවන් සපයනු ලැබ තිබේ. VMware හි cloud යෙදවුම් නවීකරණය, ජාලකරණය, ආරක්ෂාව සහ ඩිජිටල් වැඩබිම් අවකාශ‍ ඔස්සේ, ඕනෑම තැනක සිට යෙදවුම් නිර්මාණය කිරීමට, ක්‍රියාත්මක කිරීමට, කළමනාකරණය කිරීමට, සම්බන්ධ කිරීමට සහ ආරක්ෂා කිරීමට නම්‍යශීලී ස්ථාවර ඩිජිටල් පදනමක් සපයයි. ඩිජිටල් පරිවර්තනය අතින් ඉහළම මට්ටමේ පවතින එම යෙදවුම් මගින් වඩා බලවත්, පුද්ගලානුබද්ධ ඩිජිටල් අත්දැකීම් ලබා දීමට ව්‍යාපාරවලට හැකියාව සැලසේ. එමෙන්ම, යෙදවුම්වල සංකීර්ණභාවය හා විවිධාකාර අවශ්‍යතාවන් අනුව, multi-cloud උපායමාර්ගික අවශ්‍යතාවය ඇති කරන අතර,  VMware ඔවුන්ගේ multi-cloud ගමන් මගේ සෑම අවස්ථාවකදීම ඉහළම මෘදුකාංග මගින් ආයතනයන්හි දියුණුවට සහය වෙයි.  

 “සෑම ව්‍යාපාරයක් සඳහාම සෑම cloud අවකාශයකම බලය මුදා හැරීමේ සැලසුම මගින්, VMware සුවිශාල සන්ධිස්ථානයකට පැමිණ තිබේ. ලොව පුරා සෑම ප්‍රධාන cloud සැපයුම්කරුවෙකුටම සහ ලොව පුරා VMware cloud හවුල්කරුවන් සිය ගණනකට VMware මත පදනම් වූ සේවාවන් ලබා දීමෙන් අපි දැන්  ගනුදෙනුකරුවන්ගේ යෙදවුම් උපාය මාර්ගයන්ට සහාය වෙමින් සිටිනවා.” VMware හි නිෂ්පාදන හා cloud සේවා ප්‍රධාන මෙහෙයුම් නිලධාරි රඝු රඝුරාම් මහතා පැවසීය. “අපි අපගේ උපායමාර්ගය ඉදිරියට ගෙන යද්දී, වඩා වේගවත් ලෙස, යෙදවුම් සංක්‍රමණය සහ නවීකරණය සඳහා  මෙන්ම, වඩා හොඳ ව්‍යාපාරික වේගවත් බවක් සහ ඔරොත්තු දීමේ හැකියාවක් ලබා දීම සඳහා, අපගේ cloud යටිතල පහසුකම්, මෙහෙයුම් සහ ආරක්ෂක සේවා ඇතුළුව අපගේ නිෂ්පාදන පුළුල් කිරීමටත් කටයුතු කරනවා..”

නවීනතම, ‍Multi-Cloud ලෝකයක් සඳහා ඒකාබද්ධ වේදිකාවක් වශයෙන් ක්‍රියා කිරීම එහි විශේෂත්වයකි.  VMware සියළුම clouds සහ සියලුම යෙදවුම් වර්ග මගින් ආයතනයන්හි ඩිජිටල් වර්ධනය සඳහා සහය දක්වයි. ඒ අනුව, සමාගම විසින් මුළුමනින්ම cloud නිෂ්පාදන ඉදිරිපත් කරන අතර එමගින් ස්ථාවර යටිතල පහසුකම් සහ මෙහෙයුම් සපයමින්, ව්‍යාපාරවලට ඉඩ සලසන නම්‍යශීලී හා වේගවත් සංවර්ධක ආකෘතියක් සක්‍රීය කෙරේ. එසේම, ව්‍යාපාර වලට,‍් WAWS හි VMware cloud මත යෙදවුම් සංක්‍රමණය කිරීම හා නවීකරණය කිරීම පහසුවෙන් සිදු කළ හැකිය.  මින් තොරතුරු තාක්ෂණයේ වේගවත් බව සහ ක්‍රියාකාරිත්වය උපරිම කරන අතර, ව්‍යාපාර බිඳ වැටීම් වළක්වාලන‍ ආපදා සම්බන්ධයෙන් නවතම හා වඩාත් පුළුල් ආපදා ප්‍රතිසාධන හැකියාවන් වර්ධනය කළ හැකි වේ. එමෙන්ම, Az Microsoft Azure හි VMware යෙදවුම් ධාවනය කිරීමට හැකිවේ. ඊළඟ පරම්පරාවේ Azure VMware විසඳුම මගින් පාරිභෝගිකයින්ට පහසුවෙන් පරිශ්‍රයේ ඇති VMware යෙදවුම් Azure වෙත විස්තාරණය කිරීමට හෝ සංක්‍රමණය කිරීමට හැකියාව ලැබේ. එමගින් පාරිභෝගිකයින්ට පිරිවැය ඉතිරිකිරීම් සහ වඩා හොඳ TCO ලබා ගත හැකිය. තවද, පරිශ්‍රය මත සේවාවක් ලෙස සරල, පරිමාණය කළ හැකි, වඩා ආරක්ෂිත යටිතල පහසුකම් ඉන් සැපයේ. ඩෙල් ටෙක්නොලොජීස් ක්ලවුඩ් හි සේවා මධ්‍යස්ථානයක් ලෙස, Dell EMC හි VMware Cloud, නව VMware HCX මගින් වැඩ බර සංක්‍රමණ හැකියාවන් එක්කරයි. එය උපරිම ක්‍රියාකාරිත්වය, නව ධාරක වර්ග, සහ එකම රාක්කයක් තුළ බහු පොකුරු සඳහා සහාය වන අයුරින් වැඩි දියුණු කර තිබේ.  Apps යෙදුම් සහ විසඳුම් දහස් ගණනක් සහිත තනි වෙළඳ පොළක් වශයෙන්, නව ඒකාබද්ධ VMware Marketplace සමග ගනුදෙනුකරුවන්ට වලංගු තෙවන පාර්ශවීය, විවෘත-මූලාශ්‍ර සහ පළමු-පාර්ශවීය විසඳුම් දහස් ගණනක් සොයාගත හැකිය. VSphere, AWS හි VMware Cloud, ඩෙල් EMC හි VMware Cloud සහ VMware Tanzu වැනි Cloud අවකාශ ඔස්සේ මේවා යෙදවිය හැකිය. VMware Cloud Director සේවා ඒකාබද්ධ කිරීම සමග හවුල්කාර පාර්ශවවලට, සංවර්ධකයින් සඳහා නවීන යෙදවුම් නාමාවලියක් ඉදිරිපත් කිරීමේ හැකියාවද පවතී.

Multi-cloud කළමනාකරණය මගින් මෙහෙයුම් ඒකාබද්ධ කිරීම එහි තවත් එක් විශේෂත්වයකි.

VMware Cloud කළමනාකරණය මගින් ඕනෑම Cloud පරිසරයක් තුළ යෙදවුම්, යටිතල පහසුකම් සහ වේදිකා සේවාවන් නිරන්තරයෙන් යෙදවීමට, ක්‍රියාත්මක කිරීමට සහ පාලනය කිරීමට ආයතනවලට හැකියාව ලැබේ. ඒ අනුව, cloud කළමනාකරණ නවෝත්පාදනයන් මගින් පහත හැකියාවන් සලසයි.

නවෝත්පාදක Cloud කළමනාකරණය දෙමුහුන් දායකත්ව විසඳුම මගින් ඒකාබද්ධ කළමණාකරණ සහ උපකාරක අත්දැකීම් සමග ක්‍රියාකාරී ගැටළු මඟහරවා ගැනීම, දෝශ නිරාකරණය සහ ස්වයංක්‍රීය කාර්ය ප්‍රවාහයන් සක්‍රීය කිරීම සිදු කෙරේ. එමෙන්ම, AI (කෘත්‍රිම බුද්ධිය) මගින් මෙහෙයවෙන, Cloud-Delivered යෙදවුම් කාර්ය සාධනය ප්‍රශස්තිකරණය මගින් සේවා මට්ටමේ ගිවිසුම් ඇති කර ගැනීම සහතික කෙරෙන අතර, යෙදවුම් පරිසරය තුළ කාර්යය සංක්‍රමණය කිරීම සහ ව්‍යාපාර වේගවත් බව ඇති කරයි. Oracle Cloud Infrastructure සඳහා Multi-Cloud මෙහෙයුම් වැදගත් වේ. VMware හි CloudHealth ඔස්සේ, දැන් සියලුම පොදු Cloud පිරිවැය එකම අවකාශයක් ඔස්සේ බලා ගැනීමට ව්‍යවසායයන්ට හැකියාව සලසමින් Oracle Cloud යටිතල ව්‍යුහයට (OCI) සහය දක්වනු ලැබේ. එමෙන්ම, Multi-Cloud Security Posture Management සහ අනුකූලතාවක් වශයෙන්, CloudHealth Secure State මගින්, Google Cloud සඳහා කළමනාකරණය වුණු  Kubernetes සහ server ඇතුළුව නවතම AWS  20 ක් හා Azure සේවාවන්ද, සජීවී අධීක්ෂණය සිදු කරනු ලබයි.

මේ අනුව, සම්පූර්ණ VMware Multi-Cloud නිෂ්පාදන සමග Cloud සේවා සපයන්නන් සවිබල ගැන්වීම සඳහා VMware විසඳුම් පිරිනමයි. VMware, Cloud සේවා සපයන්නන් සහ කළමනාකරණ සේවා සපයන්නන් (MSPs) යනු ඔවුන්ගේ multi-cloud ගමන් මගේ සැරිසැරීමට පළපුරුද්ද සහ මග පෙන්වීම අවශ්‍ය ගනුදෙනුකරුවන් සඳහා විශ්වාසදායක උපදේශකයින් වන අතර, එමගින් නවතම Cloud සේවාවන්  හවුල්කරුවන් හට ලබා දීම පහසු කරවන අතර,‍් ගනුදෙනුකරුවන්ට VMware හි පුළුල් වන multi-cloud සේවාවන් පරිශීලනයද එමගින් පහසු  කරවයි.

VMware මෘදුකාංගය ලෝකයේ සංකීර්ණ ඩිජිටල් යටිතල ව්‍යුහයට බල ගන්වයි. සමාගමේ cloud යෙදවුම්, නවීකරණය, ජාලකරණය, ආරක්ෂාව සහ ඩිජිටල් workspace පිරිනැමීම් හේතුවෙන්, ඕනෑම උපාංගයක් භාවිත කරමින් ඕනෑම cloud අවකාශයක් මත, ඕනෑම යෙදවුමක් නිර්මාණය කිරීමට පාරිභෝගිකයින්ට හැකියාව සලසයි. කැලිෆෝනියාවේ Palo Alto මූලස්ථානය කරගත්  VMware, එහි නව්‍යෝත්පාදන මගින් සුබවාදී ගෝලීය බලපෑමක් සිදු කිරීම සඳහා කැපවී කටයුතු කරයි. වැඩි විස්තර සඳහා කරුණාකර https://www.vmware.com/company.html වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *