Huawei සමාගම පසුගියදා 2020 වසරේ තෙවන කාර්තුවේ ව්‍යාපාරික ප්‍රතිඵල නිවේදනය කළේය. මේ වසරේ තෙවන කාර්තුව වන විට සමාගම චීන යුවාන් බිලියන 671.3 ක ආදායමක් හිමිකර ගෙන ඇති අතර එය 9.9%ක වසරින් වසර වර්ධනයකි. එම සමාගමේ තෙවන කාර්තුව සඳහා දළ ලාභ අන්තය 8%ක් පමණ වූ අතර පසුගිය වසරේ එම කාලය සමග සැසඳීමේදී එය ඉහළ  වර්ධනයකි.

ලොව පුරා රටවල් කොවිඩ් 19 වසංගතය හමුවේ විවිධ අභියෝගයන්ට මුහුණ දී සිටින අවස්ථාවක Huawei විසින් සිය වටිනා පාරිභෝගිකයින්ගේ විශ්වාසය සුරකිමින් ඔවුන් වෙනුවෙන් හොඳම තාක්ෂණ  විසඳුම් පිරිනමමින් තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා උපාංග වෙළෙඳ පොළ තුළ අඛණ්ඩව ඉදිරියට යාමට කටයුතු කරමින් සිටී.

AI (Artificial Intelligent), cloud, 5G තාක්ෂණය වැනි ක්ෂේත්‍රයන්ගෙන් අද්විතීය කාලීන විසඳුම් පිරිනමමින්, කර්මාන්ත යෙදවුම් සංවර්ධනය කරමින් හා එහි හවුල්කරුවන් සමග 5G ජාල  මුදා හරිමින්, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ක්ෂේත්‍රය තුළ අසමසම කාර්යභාරයක Huawei නිරත ව සිටියි. ගෝලීය වශයෙන් මෙවැනි අද්විතීය කාර්ය භාරයක නිරත වන සමාගමේ අභිප්‍රාය වන්නේ ලොව පුරා ව්‍යාපාරවලට තම ව්‍යාපාර වර්ධනය කර ගැනීමට මෙන්ම දේශීය කර්මාන්ත නගා සිටුවීමට රජයන් වෙත උපකාර කිරීමයි.

තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය නූතන සමාජයේ ප්‍රධාන සන්ධිස්ථානයක් බවට පත්ව ඇති වර්තමානයේ, ලොව ඕනෑම රටක තිරසාර සමාජ, ආර්ථික හා පාරිසරික සංවර්ධනය පිටුපස පවතින ප්‍රධානතම ගාමක බලවේගයයද එයයි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය තුළ වේගවත් හා හිතකර සංවර්ධනයක් පවත්වාගෙන යාමට නම්, ගෝලීය වශයෙන් ක්ෂේත්‍රය පුරා විවෘත සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය විශ්වාසය පැවතිය යුතු බව Huawei විශ්වාස කරයි. එබැවින් ඉතා සංකීර්ණ තත්ත්වයන් මධ්‍යයේ වුවත්, ස්වකීය හවුල්කරුවන් සමග සමීපව කටයුතු කිරීමට මෙන්ම පාරිභෝගිකයින් වෙත ඉහළ වටිනාකම් තිලිණ කිරීම සඳහා  නිරතුරුවම නව්‍යතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්‍රමවේද භාවිත කිරීමට Huawei කටයුතු කරයි. මේ වන විට ලොව මුහුණ දී සිටින වසංගත තත්ත්වයට සාර්ථක ලෙස මුහුණ දීම සඳහා තාක්ෂණික නව්‍යොත්පාදනයන් අඛණ්ඩව පිරිනමන Huawei, ගෝලීය ඩිජිටල් ආර්ථිකයට හා තාක්‍ෂණික සංවර්ධනයට දායක වෙමින් සමාජ ප්‍රගමනය උදෙසා නිරන්තරයෙන් කැපවන සමාගමකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *