ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින්, සිය ස්මාර්ට් ජංගම දුරකතන මාදිලි පෙළ අතරට නවතම විශේෂාංග රැසක් සහිත Huawei P40 Pro හඳුන්වා දීම පසුගියදා සිදු කරන ලදී.   Huawei P40 Pro යනු, විශිෂ්ටතම තාක්ෂණික  විශේෂාංග රැසක්ද කැටි කර ස්මාර්ට් ජංගම දුරකතන කැමරා තාක්ෂණයේ පෙරළියක් කරමින්, Huawei පරිශීලකයින් හට අති විශිෂ්ට පරිශීලක අත්දැකීමක් ලබා දෙන, ස්මාර්ට් ජංගම දුරකතන මාදිලියකි.  එය පරිශීලකයින්ගේ ඡායාරූප ගැනීමේ අභිලාෂයන් තව තවත් දල්වමින්, අද්විතීය ඡායාරූපමය විශේෂාංග රැසකින් යුතු කැමරා තාක්ෂණයක් අන්තර්ගත කර නිපදවන ලද නවතම මාදිලියේ ස්මාර්ට් ජංගම දුරකතනයක් වීම විශේෂත්වයකි.

අද දවසේ ස්මාර්ට් ජංගම දුරකතන පරිශීලකයින්ගේ ප්‍රියතම තේරීම බවට පත් වන්නේ, විශිෂ්ටතම ඡායාරූප විශේෂාංග වලින් සමන්විත වන කැමරා වන අතර, මෙම නවතම Huawei P40 Pro ස්මාර්ට් ජංගම දුරකතනය ඔවුනට අනර්ඝතම ඡායාරූප අත්දැකීමක් තිලිණ කිරීම සඳහා Ultra Vision Leica Quad Camera සැකැස්මක් දක්වා තාක්ෂණය අතින් පියවරක් ඉදිරියට තබා තිබේ. Huawei P40 Pro පරිශීලයින් වෙත මෙම සුවිශේෂී අත්දැකීම තිලිණ කරමින්, 50 MP Ultra Vision camera, 40 MP Ultra Wide Cine Camera, 12 MP Super Sensing Telephoto Camera ව  සමග 3D Depth Sensing Camera යන කැමරා හතර ඇතුළත්ව නිපදවා ඇත.  

ස්මාර්ට් ජංගම  දුරකථන පරිශිලකයින් හට ඇතැම් අවස්ථාවල ඡායාරූප ගැනීමේදී හෝ වීඩියෝ කිරීමේදී ඉන්නා ස්ථානය හා අවට පවතින ශබ්දය හේතුවෙන් බාධාවන් පැමිණීම සාමාන්‍ය කාරණයකි. එම බාධාවන්ගෙන් පරිශීලකයින් මුදා ගැනීම පිණිස Huawei P40 Pro හි  50 MP Ultra Vision camera (wide angle, f/1.9 aperture, ois)  උදව් වන අතර. එමගින් ඕනෑම පරිසර තත්ත්වයක් යටතේ ඡායාරූප ගැනීමේදී වන ශබ්ද බාධා අවම කරමින්, විශිෂ්ට ඡායාරූප හා වීඩියෝ ලබා ගැනීමේ හැකියාව ලබා දේ. 

අති සුපැහැදිලි ඡායාරූප මගින් ප්‍රශස්ත ඡායාරූප අත්දැකීමක් පරිශීලකයින් වෙත තිලිණ කිරීම සඳහා Huawei P40 Pro පරිශිලකයින් අතට පත් වන්නේ,  අඟල් 1/1.28, Ultra Vision Sensor එකක් සමගින් RYYB color filter ඇතුළත්ව, Octa PD ස්වයංක්‍රීයව focus කිරීමේ සුවිශේෂාංගද සමගිනි. එහි 40 MP Ultra Wide Cine Camera, f/1.8 ultra-wide angle aperture සමගින් ක්‍රියාත්මක වේ. ඒ හේතුවෙන්, අඩු ආලෝක තත්ත්වයක් යටතේ වුවත්, විශිෂ්ට ඡායාරූප, උසස් මට්ටමේ වීඩියෝ මෙන්ම, ගුණත්වයෙන් ඉහළ  ultra-slow motion videos මෙන්ම, 4K time-lapse videos ද එමගින් ලබා ගැනීමේ හැකියාව පවතී.

 “Huawei P40 Pro පාරිභෝගිකයින්ගේ කැමරා අත්දැකීම තවත් ඉහළ මානයකට රැගෙන යමින්, අනාගතයට ගැලපෙන ලෙස කළ නිමවුමක්” යනුවෙන් නවතම උපාංගය පිළිබඳ අදහස් දක්වමින් Huawei  සමාගමේ මෙරට ප්‍රධානී පීටර් ලියු මහතා සඳහන් කරයි.  අද වන විට, ස්මර්ට් ජංගම දුරකතන කැමරා කාලීනව පරිණාමය වී ඇති බැවින් පරිශීලකයින් ඔවුන්ගේ ප්‍රධානතම කැමරා උපාංගය ලෙස භාවිත කරන්නේ, ස්මාර්ට් ජංගම දුරකතන කැමරාවයි. මේ පිළිබඳ වටහාගෙන සිටින සමාගම, නිරතුරුවම පරිශීලකයින්ගේ කැමරා අත්දැකීම ඉහළ නැංවීම වෙනුවෙන්ම නවතම නිෂ්පාදන එළි දක්වා තිබේ. Huawei P40 Pro යනු එම උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසින් විසඳුම් රැසක් රැගෙන පරීශීලකයින් අතට පත් වූ උපාංගයක් බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.

AI තාක්ෂණය සමග මෙහි කැමරා සැකැස්ම ඒකාබද්ධ කර තිබීම හේතුවෙන්, මෙමගින් ස්වාභාවික ආලෝකය හා වර්ණ සැකැස්ම පවත්වා ගනිමින්, ස්වභාවික පරිසරයේ හා මිනිසුන්ගේ පැහැදිලි දසුන් ලබා ගත හැකිය. එනිසාම, කැමරා දෙකක් රැගෙන යාමට අකමැති වෘත්තීය ඡායාරූප ශිලපියකුට පවා තම වෘත්තීය දක්ෂතා තවදුරටත් ඔප් නංවා ගනිමින්, ශිල්පයේ නිරත වීමට, මෙම ස්මාර්ට් ජංගම දුරකතනය මගින් ඉඩ  සැලසේ.  ඒ වෘත්තිය ඡායාරූප ශිල්පියකුට වුවත්, සිය වෘත්තීය අත්දැකීම් තවත් පුළුල් කරලන ක්‍රම තුනකින් මෙම ස්මාර්ට් ජංගම දුරකතනයේ කැමරාව සමන්විත වී ඇති බැවිනි. එනම්, auto focus, image stabilization: OIS + AIS හා digital, optical and hybrid යන zoom ක්‍රමවේද ඇතුළත්ව 50 ගුණයක zoom කිරීමේ හැකියාවක්ද පවත්වා ගැනීමට ඊට හැකි වීමෙනි.  

පරිශීලකයින් විශිෂ්ට ඡායාරූප ශිල්පීන් බවට පත් කරන සුවිශේෂී කැමරා ගුණාංග හැරුණු විට,  Kirin 990 5G processor වැනි ඉහළම විශේෂාංග රැසක් මෙම ස්මාර්ට් ජංගම දුරකතනයෙහි අන්තර්ගත ය. පුළුල් පරාසයක ග්‍රැෆික්ස් සඳහා Mali-G76 GPU, උපාංගයේ කාර්යක්ෂමතාව හා ඵලදායීතාව වැඩි කරන 8GB RAM + 256 සංයෝජනය ආදී ඉහළම මට්ටමේ විශේෂාංග එහි අන්තර්ගත වේ. එමෙන්ම, Huawei Super Charge සමග කල් පවතින, 4200mAh බැටරිය ඇතුළුව තවත් බොහෝ නව්‍ය අංගයන්ගෙන් උපාංගය සමන්විත වේ.

මෙම විශේෂාංගවලින් හැඩ ගැන්වුණු නවතම Huawei P40 Pro  ස්මාර්ට් ජංගම දුරකතනය Silver Frost, Deep Sea Blue හා Blush Gold යන වර්ණවලින් සමන්විතව මේ වන විටත් ශ්‍රී ලාංකික පරිශීලකයින් වෙත ගෙනවිත් තිබේ. එය ඔවුනගේ ප්‍රියතම තේරීම බවටද පත් වෙමින්, 172,999.00 ක් වන විශේෂිත හඳුන්වා දීමේ මිලකට මිලදී ගත හැකි වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *