පෙර වසරවලට වඩා වෙනස්ම ආකාරයේ විනෝදජනක පොත් ප්‍රදර්ශන අත්දැකීමක් බිග් බෑඩ් වුල්ෆ් ලෝලීන් හට හිමි කර දෙමින්, බිග් බෑඩ් වුල්ෆ්  පොත් ප්‍රදර්ශනය 2020, මෙවර ඔන්ලයින් මගින් පැවැත්වේ. එය ඔක්තෝබර් මස 01 වැනිදා සිට දින හතරක් පුරා පැවැත්වීමට සැලසුම් කර තිබුණද, අසීමිත පාඨක ඉල්ලීම සලකා, නියමිත දිනට පෙර පැවැත්වීමට, සංවිධායක මණ්ඩලය පියවර ගෙන තිබේ. ඒ අනුව, ශ්‍රී ලාංකීය පාඨකයින් වෙත බිග් බෑඩ් වුල්ෆ් ආගමනය සිවු වැනි වරටත් සනිටුහන් කරමින් සැප්තැම්බර් මස 31 වැනිදා ප.ව. 08:00 (IST) ඔන්ලයින් ප්‍රදර්ශනය විවෘත කිරීමට නියමිතය.  

බිග් බෑඩ් වුල්ෆ් ලෝලීන්ට මෙන්ම ශ්‍රී ලංකාව පුරා විසිරී සිටිනා පාඨකයින් හට, 30 000 කට අධික තේමාවන්ගෙන් යුතු පොත් ගොන්නක ආස්වාදය අන්තර්ජාලයෙන් විඳිමින් සුපුරුදු බිග් බෑඩ් වුල්ෆ් වට්ටම වන, 50%- 90% දක්වා වට්ටම් හිමි කර ගැනීමට මෙවර පැවැත්වෙන ප්‍රදර්ශනය මගින්ද, හැකියාව සලසා තිබේ. එමෙන්ම, මේ වසරේ බිග් බෑඩ් වුල්ෆ් ශ්‍රී ලාංකීය පොත් ලෝලීන් හමුවට පැමිණෙන්නේ, පෙර වසරවලට වඩා තුන් ගුණයකට අධික පොත් සංඛාවක්ද රැගෙන වීම විශේෂත්වයකි.

“බිග් බෑඩ් වුල්ෆ් ප්‍රදර්ශනය ආරම්භ වන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටිනා පාඨකයින්ගේ ඉල්ලීමට කන්දෙමින්, නියමිත දිනටත් පෙර, සැප්තැම්බර් 31 වැනිදා ප.ව. 8.00 ට එය ආරම්භ කරනවා. අප ගන්නා මේ සෑම පියවරක් තුළම ඇත්තේ, සෑම පුද්ගලයකු වෙතම පොත් සමීප කරලීමේ හා කියවීමේ උනන්දුව සෑම අයකු තුළම ඇති කරලීමේ අපගේ අරමුණයි.” බිග් බෑඩ් වුල්ෆ් සම නිර්මාතෘ ජැක්ලින් Ng සඳහන් කරයි.

කෝවිඩ් අභියෝගය සාර්ථක ලෙස පරාජය කරමින් අඛණ්ඩව 4 වැනි වරටත් www.bigbadwolfbooks.lk වෙබ් අඩවිය ඔස්සේ,  බිග් බෑඩ් වුල්ෆ් ශ්‍රී ලාංකීය පොත් ලෝලීන් හමුවට පැමිණෙයි. කොව්ඩ් වසංගතය හේතුවෙන්, ලොව සියලු ප්‍රදර්ශන, උත්සව හා ප්‍රසංග දින නියමයක් නොමැතිව කල් යද්දී, මෙවර බිග් බෑඩ් වුල්ෆ් ප්‍රදර්ශනය පැවැත්වීමට හැකිවේද යන්න පිළිබඳව ශ්‍රී ලාංකීය බිග් බෑඩ් වුල්ෆ් ලෝලීන් තුළ බරපතල කුකුසක් හට ගෙන තිබිණි. එමෙන්ම, ලොව විශාලතම පොත් ප්‍රදර්ශනය ලෙසින් සැලකෙන මෙම ප්‍රදර්ශනය පිළිබඳව සමාජ මාධ්‍ය තුළද කතා බහක් මතු ව තිබිණි. කොව්ඩ් පරදා බිග් බෑඩ් වුල්ෆ් කෙසේ හෝ පැමිණෙනු දැකීම පාඨක අපේක්ෂාව විය. ශ්‍රී ලාංකීය පාඨකයින්ගේ එම අපේක්ෂාව මල්ඵල ගන්වමින්, බිග් බැඩ් වුල්ෆ් මෙවර ඔන්ලයින් මගින් පැවැත්වෙන බව පසුගියදා දැනුම් දිමත් සමග, ප්‍රදර්ශනය නියමිත දිනට පෙර පවත්වන ලෙසට නොඉවසිලිමත් පාඨකයින්ගේ ඉල්ලීම් බිග් බෑඩ් වුල්ෆ් කණ්ඩායම වෙත ලැබී තිබුණි. එය නියමිත දිනට පෙර පැවැත්වීමට සංවිධායක මණ්ඩලය කටයුතු යොදා ඇත්තේ ඒ අනුවය.  

මෙවර ඔන්ලයින් ඔස්සේ පැවැත්වීම හේතුවෙන්, පෙර තුන් වතාවේම පැමිණීමේ දුෂ්කරතා හේතුවෙන් ඊට සහභාගි වීමට නොහැකි වූ පාඨකයින්ටද ඒ සඳහා සහභාගි වීමට හැකි වීම සතුටට කරුණකි. එමෙන්ම,‍් ශ්‍රී ලංකාව පුරාම විසිරී සිටිනා  පොත් ලෝලීන්ට පෙරට වඩා තුන් ගුණයකින් වැඩි පොත් ගොන්නක් වෙත ප්‍රවේශ වීමේ අවස්ථාවද, මින් පෙර ප්‍රදර්ශනයක අත් නොවිඳි 70% ක තරම් ප්‍රතිශතයක නවතම තේමාවන්ගෙන් යුත් පොත්ද මිලදී ගැනීමට අවස්ථාවද හිමි වේ. ශ්‍රී ලාංකීය පොත් ලෝලීන්ට තමන් මිලදී ගන්නා පොත් සඳහා නැව් ගාස්තු ගෙවීමට අවශ්‍ය නොවන අතර, ගෙවිය යුත්තේ රට ඇතුළත ප්‍රවාහනය සඳහා වන කුරියර් ගාස්තුව පමණි. තවද,‍් රු.8000 කට වැඩි සෑම මිලදී ගැනීමක් සඳහාම කුරියර් ගාස්තු අය නොකිරීමට කටයුතු යොදා තිබීමද පැසසිය යුතු කාරණයකි.

පෙර වසර හා සසඳද්දී, මෙවර පොත් ප්‍රදර්ශන අත්දැකීම, බිග් බැඩ් වුල්ෆ් ලෝලීන් හට නවතම ආරක පොත් ප්‍රදර්ශන අත් දැකීමක් බවට පත් කරලනු පිණිස සංවිධායක මණ්ඩලය කටයුතු යොදා තිබේ. පාඨකයින් මිලදී ගන්නා, තෝරාගත් ඇතැම් පොත් වෙනුවෙන්, නොමිලේ අමතර පොත් පිරිනැමීම එවැනි එක් පියවරකි.

එවැනි වෙනස් අත්දැකීම් ගණනාවක් පාඨකයින් වෙත ළඟා කරමින් සැප්තැම්බර් මස 31 වැනිදා සිට, සතියේ දින හතේම, පැය 24 පුරාම විවෘතව තැබෙන බිග් බෑඩ් වුල්ෆ් ඔන්ලයින් පොත් ප්‍රදර්ශනය පිළිබඳ පුවත, එය මෙවර පැවැත්වෙන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටි හා නියමිත දිනට පෙර පවත්වන ලෙස ඉල්ලීම් කළ බිග් බෑඩ් වුල්ෆ් ලෝලීන්ට, සුබ පණිවිඩයක් වනු නොඅනුමානය.

දිවයින පුරාම සිටිනා බිග් බෑඩ් වුල්ෆ් ලෝලීන්ට www.bigbadwolfbooks.lk ඔස්සේ සම්බන්ධ වී ඔන්ලයින් පොත් ප්‍රදර්ශනයට සහභාගී වීමටද, www.facebook.com/bbwbookssrilankaෆේස්බුක් පිටුව හා www.instagram.com/bigbadwolfbooks_lk  ඔස්සේ සම්බන්ධ වී නවතම යාවත්කාලීන කිරීම් හා තරග පිළිබඳවද දැන ගැනීමට හැකියාව පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *