zMessenger හා HUTCH එක්ව සංවිධානය කරන ලද BID2WIN තරඟාවලියේ ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. වර්ෂය පුරා පැවැත්වුණු විවිධ ප්‍රවර්ධන වැඩසටහන්වලින් ජයග්‍රහණය කළ පිරිසට මෙහිදී ත්‍යාග හිමි විය.

කඩුවෙල පදිංචි අශේන් ඉමන්ත ගුණසේන 2020 පෙබරවාරි 1 සිට මාර්තු 31 දක්වා පැවති වැගන් ආර් මෝටර් රථ ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රහණය හිමි කරගත් අතර මස්පොත පදිංචි පී. ඒ. ජේ. ගාමිණී පෙරේරා 2020 ජූලි 1 සිට ජූලි 20 දක්වා පැවති හොන්ඩා ඩියෝ බයික් ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රහණය හිමි කර ගැනීමට සමත් විය.

BID2WIN යනු ජංගම දුරකථන ග්‍රාහකයින් අතර ඉතා ජනප්‍රිය තරඟයක් වන අතර මෙහිදී නම් කරන ලද ත්‍යාගයක අවම වටිනාකම අනුමාන කර කෙටි පණිවිඩයක් යැවීම මගින් අදාළ ත්‍යාගය හිමි කර ගත හැක. ජංගම දුරකථන, මෝටර් බයිසිකල්, කාර් සහ තවත් බොහෝ සිත්ගන්නාසුළු ත්‍යාග නිතර හඳුන්වා දීම නිසා මේ සඳහා ඉහල ආකර්ෂණයක් හිමිවී තිබේ. තරඟ සංවිධායකයින් විසින් එක් එක් තරඟ ආරම්භය සහ අවසානය නිරන්තරයෙන් දැනුවත් කරන අතර ජයග්‍රාහකයන්ගේ නම් කෙටි පණිවිඩයක් හරහා හෝ විකාශන මාධ්‍ය ඔස්සේ දැනුම්දෙයි.

රටේ ප්‍රමුඛතම ජංගම සේවා සැපයුම්කරුවෙකු ලෙස, තම පාරිභෝගිකයන්ගේ ජීවිත වඩා යහපත් කර ගැනීමට උපකාරී වන මෙවැනි නව්‍ය ප්‍රවර්ධන කටයුතු සඳහා HUTCH නිරන්තර සහයෝගය ලබා දේ. සිය දැවැන්ත හා සමීප 4G ජාලය සම්පූර්ණ කිරීමේ විශිෂ්ටත්වයත් සමඟ තම විශ්වාසවන්ත පාරිභෝගිකයන්ට ත්‍යාග පිරිනැමීමට ලැබීම ගැන HUTCH තම ප්‍රසාදය පළකරයි.

චායාරුප විස්තරය වමේ සිට දකුණට

එරන්ද සංජීව, ජේෂ්ඨ නිෂ්පාදන කළමණාකරු – zMessenger, හොන්ඩා ඩියෝ බයික් ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහක මස්පොත පදිංචි පී. ඒ. ජේ. ගාමිණී පෙරේරා, වැගන් ආර් මෝටර් රථ ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහක කඩුවෙල පදිංචි අශේන් ඉමන්ත ගුණසේන, මැඩ්රීක් නාඔටුන්න, කළමණාකරු -VAS, හචිසන් ලංකා (පුද්ගලික) සමාගම, කසුන් ජයසූරිය, සහකාර කළමණාකරු -VAS, හචිසන් ලංකා (පුද්ගලික) සමාගම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *