වාර්ෂිකව ශ්‍රී ලාංකිකයින් අතරට පැමි‍ණෙන ඔවුන්ගේ ප්‍රියතම වෘකයා වන බිග් බැඩ් වුල්ෆ් හා එක් වන්නට ශ්‍රී ලාංකීය පොත් ලෝලීන්ට යළිත් කාලය එළඹ තිබේ. 2020 ඔක්තෝබර් 1 වැනිදා සිට 4 වැනිදා දක්වා මහා ගෝසා නංවමින් බිග් බෑඩ් වුල්ෆ් අඛණ්ඩව 4 වැනි වරටත් ශ්‍රී ලංකාවට පැමිණේ. දිවයින පුරා විසිරී සිටින පොත් ලෝලීන්ට සහ කියවීමට උන්නදුවක් දක්වන පාඨකයින්ට නැවත වරක් බිග් බෑඩ් වුල්ෆ් සමග ජනප්‍රිය 50% -90% දක්වා වට්ටම සහිතව නවීනම ඉංග්‍රීසි පොත් මිලදී ගැනීමේ අවස්ථාව ඒ අනුව පෑදී තිබේ. බිග් බෑඩ් වුල්ෆ්ගේ ප්‍රනරාගමනය පුල පුලා බලා සිටි ශ්‍රී ලාංකීය පාඨකයින් වෙනුවෙන්, මේ වන විට මතුව ඇති ගෝලීය අභියෝගයන් හා සටන් වදිමින් හේ නැවත පැමි‍ණෙයි. මේ වසරේ බිග් බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනය, භෞතික වශයෙන් පැවැත්වෙන පොත් ප්‍රදර්ශනයකට වඩා ආරක්ෂිතව වුල්ෆ් රැගෙන එන සමස්ත පොත් ගොන්නම, මුළු දිවයින පුරාම විසිරී සිටින පොත් ලෝලීන්ට මිලදී ගත හැකි පරිදි, ඔන්ලයින් පොත් ප්‍රදර්ශනයක් ලෙසින් පැවැත්වේ.

කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් අනතුරුව අද වන විට රට “නව සාමාන්‍ය” තත්වයට හුරු වෙමින් සිටින අතර, අන්තර්ජාලය මගින් අලෙවි කටයුතු සිදු කිරීම ඉහළ ගොස් තිබේ. ඒ අනුව, භාණ්ඩ අන්තර්ජාලය මගින් ඇණවුම් කිරීමත් නිවෙස් වෙතටම ප්‍රවාහනය කිරීමත් ජනප්‍රිය ක්‍රමවේදයයි. පහසු මිලට පොත් මිලදී ගැනීමේ අවකාශ දිවයින පුරාම සිටින පාඨකයින් හට සැලසීමේ බිග් බෑඩ් වුල්ෆ් මෙහෙවර අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් මෙවර පොත් ප්‍රදර්ශනය ඔන්ලයින් මගින් පැවැත්වෙන්නේ, මෙම ප්‍රවණතාවය හා වෙළෙඳ පොළ දිරිගැන්වීම හේතුවෙනි. ශ්‍රී ලංකාවේ පළමු වතාවට පැවැත්වෙන මෙම ඔන්ලයින් පොත් ප්‍රදර්ශනය මගින් මෑත වසරවල කොළඹදී පැවැත්වුණු භෞතික පොත් ප්‍රදර්ශනවලට වඩා පස් ගුණයක පොත් ගොන්නක් වෙත ප්‍රවේශ වීමට පොත් ලෝලීන්ට අවකාශ සැලසේ.

 “ශ්‍රී ලාංකික පාඨකයින්ගේ කියවීමේ ආස්වාදය තවදුරටත් පුළුල් කරමින් වැඩි දෙනකුට මිලදී ගත හැකි ආකාරයෙන් පහසු මිලට ඉංග්‍රීසි පොත් ලබා ගැනීමට අවකාශ සැලසීමේ අපගේ අරමුණ යථාර්ථයක් බවට පත්වෙමින් තිබෙනවා. මේ වතාවේ පොත් ප්‍රදර්ශනය අන්තර්ජාලය මගින් පැවැත්වීමට අවශ්‍ය වුණේ, දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිටින ඕනෑම අයකුට තම නිවෙස්වල සුවපහසුව සිටින අතරතුරම, අන්තර්ජාලය තුළින් පොත් මිලදී ගැනීමේ අවස්ථාව උදා කර දීමටයි. අප සැම විටම ගනුදෙනුකරුවන්ගේ හා කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව පිළිබඳව ප්‍රමුඛස්ථානය ලබා දෙන අතර, පළමු වරට පැවැත්වෙන මෙම ඔන්ලයින් අත්දැකීම සැබවින්ම රට පුරාම සිටින සියලුම පොත් ලෝලීන් ඒකරාශී කරන අත්දැකීමක් වේ යැයි අපි විශ්වාස කරනවා.” මේ පිළිබඳව අදහස් දක්වමින් බිග් බැඩ් වුල්ෆ් සම-නිර්මාතෘ ඇන්ඩෘ යැප් මහතා සඳහන් කළේය.

 “මෙවර පොත් ප්‍රදර්ශනය ඔන්ලයින් මගින් පවත්වමින් අපි ශ්‍රී ලංකාවේ පොත් ප්‍රදර්ශන ඉතිහාසයට අලුත් පරිච්ඡේදයක් එක් කරන නිසා,  සියලුම ශ්‍රී ලාංකිකයින්ට මෙය අලුත් අත්දැකීමක් වනු ඇති බවට සැකයක් නැහැ. මෙම බිග් බැඩ් වුල්ෆ්  ඔන්ලයින් පොත් පොත් ප්‍රදර්ශනය, ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය මගින් පොත් අලෙවි කිරීම පුරුද්දක් බවට පත් වන නව යුගයක් සනිටුහන් කරනු ඇතැයි අපි විශ්වාස කරනවා. එපමණක් නොවෙයි, නිර්භීතව සඳහන් කළොත්, අපගේ ඔන්ලයින් පොත් ප්‍රදර්ශනය, ශ්‍රී ලංකාවේ වැඩිම ඔන්ලයින් පාරිභෝගිකයින් පිරිසක් ආකර්ෂණය කර ගනු ඇතැයිද අපි විශ්වාස කරනවා.” ඔහු වැඩි දුරටත් පැවසිය.

බිග් බෑඩ් වුල්ෆ් මෙවර පවත්වන අන්තර්ජාල පොත් ප්‍රදර්ශනය පිළිබඳ සිය අදහස් දක්වමින්, ප්‍රෝරීඩ් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ, නිෂාන් වසලතන්ත්‍රි මහතා මෙසේ පැවසීය. “ශ්‍රී ලාංකිකයින් අතර කියවීමේ රුචිය තවදුරටත් වැඩි කරමින්, රටේ කියවීමේ සංස්කෘතිය අඛණ්ඩව වර්ධනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. පොත් යනු තොරතුරු දැන ගැනීම සඳහා වන ප්‍රවේශයයි. පොත්පත් හා දැනුම ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව දක්වන උනන්දුව ඉතාමත් විශ්මය ජනකයි. 2020 බිග් බැඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනය අන්තර්ජාලය මගින් පැවැත්වෙන්නේ, එම උන්නදුව නිසාම මෙවැනි අවස්ථාව රටට සහය වීම සඳහායි. එමගින් තෝරා ගැනීමට ඇති අසීමිත පොත් සංඛ්‍යාවක් ඇති නිසාම ඔන්ලයින් පොත් ප්‍රදර්ශනයෙහි සැරිසැරීමට පෙළඹෙන පාඨකයින්ට එකම අත්දැකීම දෙවතාවක් විඳීමට ඉඩක් නැහැ.”

මේ වසරේ අන්තර්ජාලය මගින් පැවැත්වෙන විශේෂ බිග් බැඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනය මගින් විශාල පාඨක පිරිසක් හට පොත් මිලදී ගැනීමේ අවස්ථාව සලසා තිබේ. එමගින් අඩු මිලට පොත් රැසක් මිලදී ගැනීමේ අවස්ථාව පවතින නිසා, මින් පෙර කියවා නොමැති කතුවරුන්ගේ පොත් හා විවිධ ශානර යටතේ ඇති පොත් මිලදී ගැනීමට පාඨකයින් උනන්දු කිරීමද එමගින් සිදු කෙරේ. පොත් ලෝලීන්ට නිවසේ සුව පහසුව ඉන්නා අතරතුර අන්තර්ජාලයෙන් පොත් තෝරා ගැනීමට හැකි වන පරිදි, ප්‍රදර්ශනය පැය 24 ම පවතින නිසා විවිධ මාතෘකා රාශියක් ඔස්සේ ලියවුණු පොත්  රාශියක් සැරිසැරීමට ඔවුනට හැකියාව තිබේ.

2017 වසරේ ඔක්තෝබර් මාසයේදී, බිග් බෑඩ් වුල්ෆ් ශ්‍රී ලංකාවට පැමිණ, මෙහි සමාරම්භක පොත් ප්‍රදර්ශනය පැවැත්වීමත් සමග, 2018 සහ 2019 වසර යන දෙවසරේම, පොත් ලෝලීන් තෘප්තිමත් කරමින් එය යළි යළි පැවැත්වු‍ණේ, රට තුළ සුවිශාල අවධානයක් දිනා ගනිමිනි. එමෙන්ම මේ දක්වා පැවති බිග් බෑඩ් වුල්ෆ් මහා පොත් ප්‍රදර්ශන තුනම අලෙවිය අතින් ඉහළම සාර්ථකත්වයක් අත් කර ගත් ඒවා වූ අතර, ලොව ඉහළම අලෙවිය ඇති පොත් බිග් බෑඩ් වුල්ෆ් ප්‍රද්ර්ශනයට තබා තිබීම හේතුවෙන්, එය විවෘත වීමටත් ප්‍රථම  ශ්‍රී ලාංකීය පොත් ලෝලීහු පෝලිම් ගැසී සිටියහ.

ශ්‍රී ලංකාව පුරා සිටින පොත් ලෝලීන්ට, බිග් බෑඩ් වුල්ෆ් වෙබ් අඩවියේ කල් වේලා ඇතුව ලියාපදිංචි වීමෙන් නවතම ප්‍රවෘත්ති පිළිබඳව යාවත්කාලීන විය හැකි අතර, සමාජ මාධ්‍ය පිටු හරහා තරග දීමනා මෙන්ම තවත් බොහෝ දේ පිළිබඳවද දැන ගත හැකිය:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *