ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei, ලැප්ටොප් වෙළෙඳ පොළට MateBook D15 සහ Matebook 13 යන උපාංග ද්විත්වය හඳුන්වා දෙමින් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් හට නවතම ස්මාර්ට් තාක්ෂණික අත්දැකීමක් ගෙන දීමට පසුගිය දා සමත් විය. මෙම නවතම ලැප්ටොප් මාදිලි ද්විත්වයම ආකර්ෂණීය නිමාවෙන් පමණක් නොව, අද්විතීය විශේෂාංග රැසකින්ද අනූනව පාරිභෝගිකයින් අතට පත් වන උපාංග වේ. ඒවායේ ඇති multi-screen collaboration වැනි විශේෂාංග, නවතම ස්මාර්ට් කාර්යාල, ස්මාර්ට් නිවෙස් හා විනෝදාස්වාදය යන  සංකල්පයන් අනුව කාර්යක්ෂම හා ඵලදායී ලෙස කාර්යයේ නිරත වීම අරමුණ කර හඳුන්වා දී තිබේ.

Huawei MateBook 13 යනු නවීන තාක්ෂණික විශේෂාංග රැසකින් සමන්විතව, වෘත්තීය මෙන්ම ගෘහ ජිවිතයේද කාර්යයන් රැසක් පහසු කරන ලැප්ටොප් මාදිලියකි. අඟල් 13ක සිහින් නිමාවකින් යුත් MateBook 13 හි 88% screen-to-body-ratio පරිශීලකයාට පුළුල් නැරඹීමේ අත්දැකීමක් හිමි කර දෙයි. තවද, MateBook  13 හි multi-screen collaboration  විශේෂාංගය හරහා ස්මාර්ට් දුරකතනයේ තිරය, ලැප්ටොප් තිරය තුළින් මෙහෙයවිය හැකි වීම සහ ස්මාර්ට් දුරකතනය තුළ තිබෙන දත්ත ලැප්ටොප් පරිගණකය වෙතත්, පරිගණකය තුළ තිබෙන දත්ත ස්මාර්ට් දුරකතනය වෙතත් පහසුවෙන් හා ඉතාමත් ඉක්මනින් හුවමාරු කළ හැකි වීම එදිනෙදා කාර්යන් රැසක් පහසු කර ඇත.මෙම multi-screen collaboration විශේෂාංගය ක්‍රියාත්මක කිරීම සඳහා ලැප්ටොප් පරිගණකයේ PC Manager, Version 10 හෝ පසු version එකක් සඳහා අප්ඩේට් කළ යුතු අතර, ඒ සඳහා ගැළපෙන  NFC feature සහ  EMUI 10 සමගින් එන ස්මාර්ට් දුරකතනයක් හා ඒකාබද්ධ කළ යුතුය.  Huawei Matebook 13, Intel සහ AMD යන මාදීලීන් ද්විත්වයකින් වෙළෙඳ පොළේ මිලදී ගත හැකිය. මෙම මාදිලීන් ද්විත්වයේ මිල පිළිවෙලින් රුපියල් 224,999 සහ 179,999 ක් වේ. 

MateBook D 15 හි 87% screen to body ratio සහිත ආකර්ෂණීය ලෝහමය නිමාව සහ කිලෝ ග්‍රෑම් 1.62ක් තරම් වූ සැහැල්ලු බර සහ මිලි මීටර් 16.95 ක් තරම් වූ ඝනකම (thickness) හේතුවෙන් ඕනෑම තැනක පහසුවෙන් රැගෙන යා හැකි ලැප්ටොප් මාදිලියක් ලෙස හැඳින්විය හැකිය.  MateBook D 15 හි keyboard මත වූ pop up වෙබ් කැමරාව ශ්‍රී ලංකික පාරිභෝගිකයින්ට නවතම අත්දැකීමක්, පෞද්ගලිකත්වයක් හා ආරක්ෂාවක් ලබා දෙන අතර, smooth touch pad සහ key board වැඩි වෙලාවක් typing වැනි ක්‍රියාවල  නිරතව සිටින්නන්ට ඉතා පහසු අත්දැකීමක් හිමි කර දී ඇත. තවද මෙහි power button, fingerprint තාක්ෂණය හරහා බලගන්වා ඇති හෙයින් පරිගණකයේ දත්ත සඳහා වැඩි ආරක්ෂාවක් හිමි වේ. මෙම අද්විතීය විශේෂාංග රැසකින් පැමිණෙන MateBook D 15 හි මිල රුපියල් 149,999 කි. 

“සිය පාරිභෝගිකයින්ගේ එදි නෙදා තාක්ෂණික කාර්යන් වඩාත් පහසු සහ කාර්යක්ෂම කිරීමේ අරමුණ ඇතුව දේශීය වෙළෙඳ පොළට හඳුන්වා දෙන නවතම විශේෂාංගවලින් සමන්විත Huawei MateBook D15 හා Matebook 13 විශිෂ්ට ලැප්ටොප් මාදිලි ද්විත්වයක්.  මෙම නව්‍යතම විශේෂාංග වෘත්තීය හා ගෘහ ජීවිතයට උපකාරී වනවා පමණක් නොව, සංචාරය කිරීමේදී ආදරණීයයන් සමග සම්බන්ධව සිටීමට සහ මිතුරන් සමග කාලය ගත කිරීමටත් ඉතා ප්‍රයෝජනවත්.” Huawei සමාගමේ මෙරට ප්‍රධානී පීටර් ලියු මහතා පැවසීය. මෙම ලැප්ටොප් උපාංග සෑම සිංගර් ප්‍රදර්ශනාගාරයකින්ම හා බලයලත් අලෙවි නියෝජිතයින්ගෙන් මිලදී ගත හැකි අතර, Daraz.lk ඔස්සේ, අන්තර්ජාලය මගින්ද ඇණවුම් කළ හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *